News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

ව්‍යාජ කොරෝනා මර්දන එන්නත් නිපදවූ පුද්ගලයින් 80ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

කොරෝනා එන්නත් ව්‍යාජ ලෙස නිපදවූ පුද්ගලයින් 80 දෙනකු පමණ චීනය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම පුද්ගලයින් විසින් ව්‍යාජ ලෙස නිපදවු එන්නත් මාත්‍රාවන් 3,000 කට වැඩි ප්‍රමාණයක් එරට පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Feb
2

මෙරට පළමු කොරෝනා ආසාදිත වෛද්‍ය මරණය වාර්තා වෙයි

Generic placeholder image

රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වෙනවා. කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු අක්‍රිය වී අදාල වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මිය යන විට අදාල වෛද්‍යවරයා 32 හැවිරිදි වියේ පසුවුවා.


Feb
2

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොරෝනා

Generic placeholder image

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මීට පෙර ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණා.


Feb
2

වවුනියාවේ සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

Generic placeholder image

වවුනියාව සෙට්ටිකුලම විල්පත්තු කැළෑබද ප්‍රදේශයකදී සෝදිසි මෙහෙයුමක නිරත වූ යුද හමුදා භට කණ්ඩායමකට ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් යුද හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර අදාල පුද්ගලයා වව්නියාව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබෙනවා. වෙඩි ප්‍රහාර එල්ල කල අනෙක් දෙදෙනා සොයා […]


Feb
2

මේ වන විට මෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් හැට දහසකට කොවිඩ් එන්නත ලබා දී අවසන්

Generic placeholder image

ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනන්ත මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ සහ හා ආරක්ෂක අංශ නිලධාරීන් 60,000කට අධික සංඛ්‍යාවකට ලබා දී අවසන් බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරන්නේ. අමාත්‍යවරිය වැඩි දුරටත් මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 65 % කට පමණ පිරිසකට ලබා දීම සදහා මේ වන විට […]


Feb
2

13 හැවිරිදි දරුවෙක් දියේ ගිලී මියයයි

Generic placeholder image

රුවන්වැල්ල, ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. එම දරුවා තවත් දරුවන් පිරිසක් සමග දිය නෑමට ගුරුගොඩ ඔයට ගිය අවස්ථාවේ මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.


Feb
2

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 826ක් අලුතින් හදුනාගැනේ

Generic placeholder image

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 826ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 132 ක් වාර්තා වෙනවා.


Feb
2

අභ්‍යාසලාභී උපාධිධාරීන් 8500ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

Generic placeholder image

අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවා ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් […]


Feb
2

හිමෙන් වැසුණු නිව්යෝර්ක් නුවර

Generic placeholder image

ඇමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නගරය ඇතුළු එරට ප්‍රධාන නගරවලට බලපා ඇති අධික හිම කුණාටු තත්වය හේතුවෙන්. මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සිදුව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.


Feb
2

ලෝක තෙත්බිම් දිනය අදයි

Generic placeholder image

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම් සහ ජලය “ යන්න යොදාගෙන තිබෙනවා. ලෝක තෙත්බිම් දින උත්සවය ආනවිලුන්දාව අභය භූමියේ පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මහතා, වැඩි දුරටත් සදහන් කළා.


Feb
2

අද කාලගුණය

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල තැනින් […]


Feb
1

වසර 4ක සිර දඬුවම ගැන යළි සළකා බලන්නැයි රන්ජන් රාමනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. ඒ, තමාට නියම කළ වසර 4ක සිර දඬුවම නැවත සළකා බලන්නැයි ඉල්ලමින්. විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරදකරු බවට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කළේ ඉකුත් මස 12 වැනිදායි.


News Articles
Latest Videos
Most Popular Post