මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 11 ක් පුරා දියත් කල මහජන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද සිට අවසන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දින සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. මොවුන් මෙම තීරණය ගත්තේ ඊයේ අගමැතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපර්තුම්නේහ්ටුව නිකුත් කල නිවේදනයේ සදහන්. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි […]
ලොව පුරා තවදුරටත් ව්‍යප්ත වෙමින් යන කොරෝනා වෛරසය හමුවේ ලොව ධනවත් රටවල්වල ආණ්ඩු එම වෛරසය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් එම රවටල් වල සිටින ජනතාවට එම ආණ්ඩු කෙරෙහි තිබුණු විශ්වාසය බිද වැටි තිබෙන බව දක්නට ලැබෙන කරුණක්.. විශේෂයෙන්ම ලොව ධනවත්ම රටවල් හයක ආණ්ඩු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයන් බිද වැටි තිබෙනවා. මේ අනුව ප්‍රංශය […]
එජාපයෙන් ගිය 115 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54 කගේ සහ පළාත් පාලන නියෝජිතයින් 61 කගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස ඉවත් කර තිබෙනවා. සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 […]
මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් එරට අධිකරණයෙන් දුෂණ චෝදනා රැසකට වරදකරු කර තිබෙනවා. ඒ චෝදනා වලට අදාල ඔප්පු වීම හේතුවෙන්. මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 7කට මෙලෙස මොහු වරදකරු වී තිබෙනවා. මෙලෙස අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පළමු මැලේසියානු රාජ්‍ය නායකයා වන්නේ ද නජීබ් රසාක්ය..
කොරෝනා වසංගතය හේතුවෙන් තවකාලිකව නවතා දමා තිබු රාජාංගණයේ ජන්ද පත්‍රිකා බෙදා හැරිම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ අනුව අද සිට දින 05 ක් කාලයක් මෙලෙස එම ප්‍රදේශයේ නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.
වනාතමුල්ල ග්‍රාම නිලධාරිනිය පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීම පිලිබදව අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඇයට ආධාර ලබාදුන් පුද්ගලයාද අත් අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි
ලොව පුරා ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දී තිබෙන දරුණුතම හදිසි අවස්ථාව බව එහි අධ්‍යක්ෂවරයා සදහන් කරනවා. සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන එම උපදෙස් අනුවම කටයුතු කරමින් මෙම වසංගතයෙන් ලෝකයම බේරා ගැනීම සියලු ලෝක වාසීන්ගේ යුතුකම හා වගකීම වන බවයි එම අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. එම ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් මෙම […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින දිනයේ පස්වරු 2.00 සිට හෙට අලුයම 2.00 දක්වා පැය 12 ක කාලයක් ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටුවන ප්‍රදේශ වන්නේ දොඩන්දුව , හබරාදුව, අක්මීමන , හපුගල ,අහංගම , රත්ගම යන ප්‍රදේශ වලටයි.
කොරෝනා ආසාදනය වී සිටි අයිශ්චර්යා සහ ඇගේ දියණිය මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඇයගේ සැමියා වන ප්‍රවීණ රංගන ශිල්පී අභිෂේක් බච්චන් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. ඔහු එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ තමා සහ තම පියා තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
ඉදිරි මහ මැතිවරණයට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම් කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිලිබදව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරන්නේ හෙට දිනය එම කටයුතු සිදු කරන අවසන් දිනය බවයි.
LPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන මස 28 වනදා සිට ආරම්භ කිරීමට ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙම තරගවලිය ක්‍රීඩාංගන 04 මුල් කර ගනිමින් පැවැත්වීමට කටයුතු කර තිබෙන බවයි. කොළඹ ආර් ප්‍රේමදාස , හම්බන්තොට සුරිය වැව , මහනුවර පල්ලෙකැලේ ,දඹුල්ල යන ක්‍රීඩාංගන මුල් කරගෙන […]