News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
13

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Jul
12

ඓයිෂ්වර්යා රායිටත් ඇගේ දියණියටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

සුපිරි නිළි ඓයිෂ්වර්යා රායි සහ ඇයගේ දියණියට ද නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට කොරෝනා අසාදනය වූ බවට තහවුරු වීමෙන් අනතුරුව පවුලේ අනෙක් අයට සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂණයෙන් පසුවයි.


Jul
12

හෙට සිට ජුලි 17 දක්වා සියලු පාසල් වසා දමයි

Generic placeholder image

හෙට සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.


Jul
12

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

අද දිනයේ වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. මේ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි. එමෙන්ම රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 613 ක් බවට පත් වේ.


Jul
12

දහම් පාසල් අද සිට යළි ආරම්භ කෙරේ

Generic placeholder image

කොරෝනා හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද සිට යළි ආරම්භ වෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.


Jul
12

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සියලු රැළි තාවකාලිකව අත් හිටුවයි

Generic placeholder image

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සියලු රැළි තාවකාලිකව නවතා තිබෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරම්න් බැසිල් රාජපක්ෂ මහතා දන්වා තිබෙනවා.


Jul
12

තැපැල් ඡන්දය හෙට

Generic placeholder image

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙටින් ආරම්භ වෙනවා. හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය. හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය. මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අගෝස්තු 5 […]


Jul
12

බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ සිය ඉල්ලීම්වලට සතියක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් යළි වැඩ වර්ජනය සිදුකරන බවය. ඊයේ පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ […]


Jul
12

බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් හට කොවිඩ් 19 වැළදේ

Generic placeholder image

අමිතාබ් බච්චන් ඔහුගේ Twitter ගිණුමේ සටහන් තබමින් පවසන්නේ තමා කොරෝනා වයිරසය සඳහා ධනාත්මක ප්‍රතිපල පෙන්වූ බවයි. මේ වන විට 77 වියේ පසුවන ඔහු චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවක පෙනී සිට ඇත. එමෙන්ම ඔහු ආසාදිත බව හදුනාගත් වහා දින 10 තුළ ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ සියලු දෙනා පරීක්ෂාවට ලක් කිරීමට උනන්දු විය. මේ වන විට ඔහු […]


Jul
12

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 දක්වා ඉහළට

Generic placeholder image

අද වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 ක් බවට පත්ව තිබේ. මෙසේ රෝගීන් ගණන ඉහල යන්නේ ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 57 දෙනාත් සමගිනි. ඊයේ දිනයේ හමු වූ ආසාදිතයින් අතරින් 4 දෙනෙකු එකසත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ තිබු අතර කුවේට් සිට පැමිණි එක් අයෙක්ද ඒ අතර වනවා. අමතරව රාජාංගණය ප්‍රදේශයෙන් […]


Jul
12

අද කාලගුණය

Generic placeholder image

අද දින බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත් වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී […]


Jul
11

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 14 වැනිදා සිට තාවකාලිකව නැවත්වීමට රජය තීරණය කරයි

Generic placeholder image

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. කෙසේවෙතත් හෙට (12) සහ අනිද්දා (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සුපුරුදු පරිදි ගෙන්වා ගැනීම සිදුකරන බව ද ඔහු සඳහන් කළා. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින […]


News Articles
Latest Videos
Most Popular Post