News Line| Off Air
Generic placeholder image

Apr
21

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකියි

Generic placeholder image

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසනවා. නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවා. නව කොරෝනා වෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය […]


Apr
21

අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ මිල ඉතිහාසගත ලෙස පහල බසී

Generic placeholder image

ලෝකය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පතින තත්වය හමුවේ ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක අනාගත මිල ගණන් සෘණ අගයක් ගෙන තිබෙන බව වාර්තා වෙනවා.ඒ තවදුරටත් බොරතෙල් ගබඩා කිරීමේ පහසුකම් නැතිවනු ඇතැයි සිත නිෂ්පාදකයන්, සිය වෙළෙඳ භාණ්ඩ අලෙවි කරගැනීමට ගැණුම්කරුවන්ට මුදල් ගෙවීමයි. ඒ හේතුවෙන් අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක අනාගත මිල සටහන් වූයේ සෘණ ඩොලර් […]


Apr
21

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 309 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 309 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් පස් දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
21

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැදවයි

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණ කටයුතු සහ වත්මන් කොරෝනා ව්‍යාප්තිය හමුවේ මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. සාකච්ඡාව වට 03 ක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


Apr
21

විදෙස් රටවල සිරවී සිටින සිසුන් පිරිසක් දෙනෙකු අද දිවයිනට

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 115 දෙනෙකු විශේෂ ගුවන් යානකයකින් අද දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මෙලෙස ගෙන්වා ගැනීමට නියමිතව ඇත්තේ පකිස්ථානයේ සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්ය. මිට අමතරව සිංගප්පුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවල් වලද සිර වී […]


Apr
21

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලක්ෂ 25 කට ආසන්න වෙයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂයකට ආසන්න වී තිබෙනවා. අද(21) උදෑසන වන විට ආසාදිතයින් 24 ලක්ෂ 80,165 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 46,248ක් වන අතර කොරෝඅනා ආසාදිතයන් ලොව පුරා එක්ලක්ෂ 70,370 ක් මේ වන විට මියගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් […]


Apr
21

අදත් සවසට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව […]


Apr
21

අමෙරිකානු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

කොවිඩ්-19 හෙවත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලුම සංක්‍රමණ තාවකාලික අත්හිටුවීමේ විධායක නියෝගයකට තමා අත්සන් කරන බව අමෙරිකානු ජනපති නිවේදනය කරනවා.


Apr
21

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙනතුරු වසා තබන ලෙස නියෝගයක්

Generic placeholder image

දිවයින් පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙසට රජය නියෝග කර තිබෙනවා. මීට පෙර ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශ වලට මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබුණා.


Apr
21

ජීවනෝපාය අහිමි වු අනු පවුල් ඒකක සඳහාත් 5000 දීමනාව ගෙවීමට පියවර

Generic placeholder image

ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පවුල් ඒකකයක් තුළ සිටින විශේෂයෙන් වෙන්කර හදුනාගත හැකි පවුල්, විදේශ රැකියා සදහා විදේශ ගත වු පුද්ගලයන් සිටින, ආර්ථික දුෂ්කරතා ඇති පවුල්, පුද්ගලික අංශයේ ඇගලුම් කාර්මාන්ත ශාලා […]


Apr
21

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට වසරයි

Generic placeholder image

2019.04.21 හෙවත් පාස්කු ඉරුදින මෙරට මෙන්ම ලෝකයම කම්පා කරමින් කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසරක් සපිරෙනවා. පසුගිය අප්‍රේල් 21 වැනිදා කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03කට ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කර අදට වසරයි. එදිනම දෙමටගොඩ නිවාස සංකීර්ණයක සහ දෙහිවල ආගන්තුක නිවාසයක […]


Apr
20

මහ මැතිවරණය ජූනි 20 වනදා

Generic placeholder image

මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post