ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක විරාත් කෝලි නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී තෑගි භෝග රැසක් රැගෙන කොල්කටා නුවර පිහිටි ළමා නිවාසයකට පැමිණ තිබෙනවා. එහිදී එහි සිටි දරුවන් මවිත කරමින් එම දරුවන්ට තෑගි භෝග බෙදා දෙමින් දරුවන් සතුටු කල ඔහු තවත් පුදුමයට පත් කරමින් නත්තල් සීයා ලෙස සැරසී සිටියේ තමන් බව පෙන්වමින් සිය පැළද සිටි රැවුල සහ තොප්පිය […]
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිලිබදව පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පැවසෙනවා. ඒ නියෝජ්‍ය කතානායකවරයා විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කළ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන්ය. විශේෂයෙන්ම හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගැනීම සාම්ප්‍රදායික ක්‍රමවේදය පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියේ වැඩි දුරටත් කරුණු දක්වමින්.
දිවයිනේ අදත් ප්‍රදේශ ගණනාවක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. දිවයිනේ උතුරු,නැගෙනහිර, උතුරු-මැද,ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන එමෙන්ම බවත් මධ්‍යම සහ වයඹ පළාත්වල සුළගේ වේගයේ පැ.කි.මී.40 දක්වා වැඩි විය හැකි බව වාර්තා වෙනවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
හොන්ඩුරාස් රාජ්‍යයේ බන්ධනාගාරයක සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රැඳවියන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. රැදවියන් අතර මෙම ගැටුම් හටගෙන ඇති අතර එහිදි තවත් රැඳවියන් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන් අදාළ බන්ධනාගාරයේ ආරක්ෂක කණ්ඩායම් මාරු කර ඇති අතර බන්ධනාගාර පද්ධතිය තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 268 ක් රැස්කරගත්තා. මෙහිදී පාකිස්ථානු ආරම්භක පිතිකරුවන් යුගළ වන ශාන් මසූඞ් සහ අබිඞ් අලී ශතක වාර්තා කිරීම විශේෂත්වයක්. පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී සියළු දෙනා දැවී […]
ජංගම දුරකථන වලට විදේශ රටවලින් පැමිණෙන මිස් කෝල් හෙවත් එක වරක් නාද වන ඇමතුම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම සංගමයට ලැබුණු වාර්තා අනුව සිදුකළ සොයා බැලීමකදීයි මේ පිළිබඳව අනාවරණය වූ බව සදහන්. විශේෂයෙන් මැදපෙරදිග සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් එක වරක් පමණක් නාද වී පැමිණෙන […]
මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට පැමිණ ඇති බැවින් අඹන්ගඟ අවට ජනතාව සහ ඇලහැර, බකමූණ, දියබෙදුම, අතරගල්ලෑව, කිරිඔය යන ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම, අයහපත් කාලගුණයත් සමඟ වාකරේ – පනිච්චන්කේර්නි ප්‍රදේශයේ ගංවතුරට සිර වී සිටි පුද්ගලයින් විසිතුන් දෙනෙකු අතරින් මේ වනවිට තුන් දෙනෙකු හෙලිකොප්ටර් යානයක් යොදවා මුදා ගැනීමට කටයුතු […]
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමනාන්ත දෙකකට අදාළ බස් ගාස්තු අනිද්දා (23) සිට අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මාතර සිට මීගමුව දක්වා සහ ගාල්ල සිට මීගමුව දක්වා ධාවනය වන බස් රථවල ගාස්තු අඩුකර ඇති බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය සඳහන් කළා. මීගමුව සිට මාතර දක්වා රුපියල් 720ක් වු දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 700ක් දක්වා අඩුකර […]
උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත තත්ත්වය හෙට (22) දිනයේ සිට යළිත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව,මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 සහ 150 අතර තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම සබරගමුව […]
කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා රාත්‍රී 7ට ධාවනය කිරීමට නියමිත මීනගයා දුම්රිය අද ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. කැකිරාව සහ අනුරාධපුරය අතර මොරගොල්ලාගම ප්‍රදේශයේදී අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගය අවහිර වීම ඊට හේතුව බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා. අදාළ අවහිර වීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ද ඔහු […]
අයහපත් කාලගුණයත් සමඟ වාකරේ – පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා තිබෙනවා. මේ සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යැවූ බව ගුවන් හමුදාව නිවේදනය කළා. මේ අතර ජලගැලීම් හේතුවෙන් හම්බන්තොට, මඩකලපුව, අනුරාධපුර සහ පුත්තලම ඇතුලු දිස්ත්‍රික්ක රැසක කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් මේ වනවිට විනාශයට පත්වී ඇති බව වාරිමාර්ග […]
කාගේත් අවධානය දිනාගත් නර්තන ඉසව්වක් පිළිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළක් වන වරුන් ධවාන් සහ ශ්‍රද්ධා කපූර් ගේ සහභාගීත්වය එහිදී කැපී පෙනුණු අතර බොලිවුඩ් සිනමාපටයක ප්‍රවර්ධන කටයුතුවලට සමගාමීව අපූරු නර්තන ඉසව්වක් ඉන්දියාවේ මුම්බායි නගරයේදී සංවිධානය කර තිබෙනවා. බොලිවුඩ් නළු නිළි යුවළක් වන වරුන් ධවාන් ශ්‍රද්ධා, කපූර් ඇතුළු සිනමාපටයේ කාර්ය මණ්ඩලය එම […]