මැරුණ කෙනෙක්ට ආයේ පණ ආවා කියලා අහලා තියෙනවා නම් ඒ හත්පණ කතාවේ විතරයි. හැබැයි මෝචරියට ගෙන ගිය කාන්තාවකට ආයෙත් පණ ආපු කතාවක් අපිට හෝමාගමින් ආරංචි වුණා. මත්තේගොඩ කිරිපම්ගමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවකට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඇයව උදරයේ ආබාධයක් නිසා හෝමාගම රෝහලට ඇතුල් කරලා තියෙනවා. වෛද්‍යවරු රෝගියා පරික්ෂා කරාට පස්සේ හෙදියක් ඒ කාන්තාවට එන්නතක් […]
ජල විදුලි නිශ්පාදනය ඉහල නංවා තිබෙනවා. ඒ පසුගිය දින වල ඇද හැලූනු වර්ෂාවත් සමග ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශ වල ජල මට්ටම් ඉහල යාම හේතුවෙන්. වික්ටෝරියා, මාවුස්සාකැලේ, රන්දෙණිගල ඇතුලූ ජලාශ වල ජල මට්ටම් මේ වන විට 81% ක මට්ටමේ පවතිනවා. ඒ අනුව දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 60% ක් ජල විදුලි බලාගාර වලින් උත්පාදනය කරන බවයි විදුලි […]
ඔබට මතක ඇති පහුගිය අපි වාර්තා කරා ටෙස්ට් තරඟ වල කාසියේ වාසිය උරගා බලන එක නවත්වන්න යනවා කියලා. ඒ වෙනුවට සත්කාරක රටට මුලින්ම පන්දුවට පහර දෙනවද නැද්ද කියලා තීරණය කරන්න දෙන්නයි යෝජනා වෙලා තිබුණේ. ඒ ගැන අවසන් තීරණයක් ගන්න ඊයේ රැස් වුණ ICC ක්‍රිකට් කමිටුව විවාද කරා. කොහොම වුනත් අවසානයේ තීරණය වුණේ කාසියේ වාසිය උරගා […]
තවත් ඡන්දයක් ළඟ ළඟම එන බවක් පේන්න තියෙනවා. ඒ නිසා දැන්ම ඉඳන් දේශපාලන පක්ෂ එකට සූදානම් වෙනවා. එජාපයත් අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රස කරලා තියෙනවා. ආරංචි වෙන විදියට නම් ඉදිරි පළාත් සභා මැතිවරණයට පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් කතා කරන්න නියමිතයි. අද උදේ 9.00 ට සිරිකොතේදී තමයි මේ රැස්වීම තියෙන්නේ.
කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලියට කලින් පුහුණු තරඟය ඊයේ ආරම්භ වුණා. තරඟය පැවැත් වුණේ කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම එක්ක. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඒ තීරණයට සාධාරණයක් ඉටු කරන්න චන්දිමාල්ටම පුළුවන් වුණා. යවපු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන නායක චන්දි සහ කුසල් ජනිත් 2 වෙනි […]
දකුණු පළාතේ ව්‍යාපත වෙන මාරාන්තික වෛරසය තාම අඩු වෙලා නෑ. ඊයේ තවත් කුඩා දරුවෙක් මේ වෛරසයෙන් මිය ගියා. ඒ අනුව මේ වෙද්දී කුඩා ළමයි 13 ක් මේ උණ රෝගය නිසා මිය ගිහින් තියෙනවා. හැබැයි සෞඛ්‍ය ඇමතිතුමා මේ ගැන කියන්නේ වෙනම කතාවක්. එතුමා කියන්නේ මාධ්‍ය වලින් 15 දෙනෙක් මිය ගිහින් කිව්වට ඇත්තටම මිය ගිහින් තියෙන්නේ 9 […]
අපවත්වී වදාල මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් අද පැවැත් වුණා. එහිදී උත්සව සභාව ඇමතූ ජනපතිතුමා මෙලෙස අදහස් දැක්වූවා. “මේ උත්සවයට මට ආරධනා කරේ නෑ. මේ රටේ අනිත් දේවල් වෙන්නෙත් මෙහෙමයි. දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්න්නෙත් නෑ.” හඬපටය සහිතව වැඩි විස්තර , අද සවස 6:30 ට සියත […]
පිළිකා ලියන්නේ මාරාන්තික රෝගයක්. දවසකට සිය ගණනක් පිළිකා නිසා ලෝකයේ මිය යනවා. පිළිකාවට තාමත් හරි ප්‍රතිකාරයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග කිහිපයක් තමයි ගර්භාෂ පිළිකා, පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා. ගැබ් ගෙල පිළිකා වලට අපූරු ප්‍රතිකාරයක් හොයාගෙන තියෙනවා. පියයුරු පිළිකා කළින් හඳුනාගැනීමෙන් හරි වෙලාවට ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන්. හැබැයි […]
හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ලබන මස 14 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය වලක්වාලන ලෙස ඉදිරිපත් කල පෙත්සමක් සැලකිල්ලට ගනිමින්. යලිත් එම පෙත්සම සලකා බැලීම ලබන 14 වනදා සිදු කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය […]
ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය නාම යෝජනා බාර අරගෙන තියෙන්නේ. නම යෝජනා බාර දුන්න දවසේ ඉඳලා සභාපති පුටුවට තරඟ කරන අය අතර ලොකු තරඟයක් තියෙන්නේ. නිශාන්ත රණතුංග මහතා වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව අධිකරණයේ පෙත්සමක් ගොනු කරා. ඒ තිලංග සුමතිපාල මහතා එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින්. අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අද (30) […]
දකුණු පළාත තුල පැතිර යන වෛරස් රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒඅ ද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී. ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්. අදාල වෛරස් රෝගය කඩිනමින් පාලනය කර දකුණු පළාතේ කුඩා දරුවන් ඇතුලූ […]
අපේ රටේ පහුගිය කාලයේ Facebook තහනම් කිරීම ගැන විවිධ කතා ඇහුණා. ඒ වගේම Facebook සමාගමට පහුගිය කාලයේ ලබලා 5තිබුණේ හොඳ කලදසාවක් නෙවෙයි. කොහොම වුනත් Facebook මාසයක් තහනම් කරලා තියන්න රජය තීරණය කරලා තියෙනවා. බය වෙන්න එපා. ලංකාවේ නම් නෙවෙයි. පැපුවානිව්ගිනියා රාජ්‍ය තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැළක්වීම තමයි මේකේ ප්‍රධාන අරමුණ […]