News Line| Off Air
Generic placeholder image

Aug
14

නව රජයේ ප්‍රතිපත්ති 20 වෙනිදා

Generic placeholder image

අගෝස්තු 20 වැනි දින පැවැත්වීමට නියමිත නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එයට අනුව පස්වරු 3ට ජනාධිපති මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමියි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැළසෙන පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු […]


Aug
14

හෙට කොළඹට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට (15) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට පස්වරු 8 සිට පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11, 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව වාර්තා වනවා.


Aug
14

එ.ජා.ප.ය තරුණ නායකත්වයක් යටතට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමට අද (14) උදෑසන පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළා. ආරම්භක පියවරක් ලෙස පක්ෂයේ තරුණ නායකයින්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සහ නායකත්වය පිළිබඳ තීරණයක් […]


Aug
14

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවා ශ්‍යාම්

Generic placeholder image

පළමුවැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමිවුණා. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල ” One Blood ” කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන චරිතයකට ලබා දුන් රංගනය හේතුවෙන්. රටවල් 1000කට අධික තරඟකාරී කෙටි චිත්‍රපට 1000කට අසන්න ප්‍රමාණයක් අතුරින් වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවාට හිමි සම්මානය ශ්‍යාම් ප්‍රනාන්දු හිමිකරගනු […]


Aug
13

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන

Generic placeholder image

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම ඉක්මනින් සිදු කිරීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මින් පෙර සංචාරක මාර්ගෝපදේශකයන්ට රු. 20000ක දීමනාවක් හා සංචාරක රියදුරන්ට රු. 15000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර […]


Aug
13

මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් මත්තලට

Generic placeholder image

මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (13) මෙරටට ගෙන්වාගෙන තිබෙනවා. මෙසේ පැමිණි අය අතර වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි පුද්ගලයන් වනවා. මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.


Aug
13

පාසල් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

Generic placeholder image

කොවිඩ් 19 හේතුවෙන් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය 10 වන දා දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සිසුන් 200ට වැඩි පාසල්වල එක් එක් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල වෙත කැඳවිය යුතු දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණා. වෛරස ව්‍යාප්තියේ මේ වන විට පවතින […]


Aug
12

එ.ජා.ප. නව නායකත්වය සම්බන්ධ තීරණය සිකුරාදා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය පිලිබඳ අවසන් තීරණය අද (12) දැනුම්දීමට නියමිතව තිබුණ ද එය නැවත කල්ගිය බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දැනට නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව නවීන් දිසානායක, රුවන් විජේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන්ගේ නම් ද අලුතෙන් යෝජනා වී තිබෙනවා. මින් පෙර පක්ෂ නායකත්වය සඳහා අකිල විරාජ් […]


Aug
12

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Generic placeholder image

සිංගප්පුරුවේ සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (12) හවස දිවයිනට පැමිණියා. ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.


Aug
12

ජාතික ලැයිස්තුවට මාලිමාවෙන් කථිකාචාර්ය හරිනි අමරසූරිය

Generic placeholder image

ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධුරය සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කර තිබෙනවා. ඇය ජාතික ජන බලවේයේ විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටු සාමාජිකාවකි.


Aug
11

ලියාපදිංචි නොවූ දුරකථන සිම්පත් අත්හිටුවීමට පියවර

Generic placeholder image

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සිම්පත් අත්හිටුවීම ඉක්මනින් සිදුකරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. භාවිතයේ පවතින සිම්පත් සඳහා මෙය අදාල නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


Aug
11

කුරුණෑගල නගර සභාවේ සේවකයන් ලෙඩ නිවාඩු

Generic placeholder image

කුරුණෑගල නගර සභාවේ සමස්ත කාර්යමණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) එහි සියලුම කටයුතු අඩපණ වුණා. කාර්යමණ්ඩලයේ ඉහළ තනතුරු වල සිට සුළු සේවකයා දක්වා සියලුම සේවකයන් අසනීප නිවාඩු දමා සේවයට පැමිණීමෙන් වැළකී සිටියා. මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන කසළ බැහැර කිරීම්, නගරය පිරිසිදු කිරීම් වැනි නගර සභාව මගින් සිදුකරන ලද සේවා […]


News Articles
Latest Videos
Most Popular Post