News Line| Off Air
Generic placeholder image

Jul
23

ක්‍රිකට් නව ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමෙන්තුවට

Generic placeholder image

ශ්‍රි ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමෙන්තුව රැස්වෙන අවස්ථාවේ ඉදිරිපත් කිරිමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මෙම සංශෝධිත නව ක්‍රිකට් යෝජනාවලිය සකස් කර ඇත්තේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර රෝෂාන් මහානාම, සිදත් වෙත්තමුණි අයගේ අදහස් අනුවයි. අදාල යෝජනාව සති දෙකකින් පමණ පසු පාර්ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනිමෙන් පසු අනුමැතිය […]


Jul
23

තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ තීරණයක

Generic placeholder image

සිම්බාබ්වේ තුන්ඉරියව් ක්‍රීඩක සොලමන් මිරේ ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කර ඇති බව වාර්තා වෙනවා. ඔහු තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.29 හැවිරිදි වියේ පසුවන සොලමන් මිරේ 2014 වසරේ ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් අතර 2017 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත්තා. එමෙන්ම 2018 වසරේ දී විස්සයි විස්ස වරම් හිමි […]


Jul
23

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ ද ලබාදීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. තවද මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලු සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළ අතර පාසල් […]


Jul
23

තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

Generic placeholder image

අසනීප නිවාඩු වාර්තා කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඊයේ(22) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කළ බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසනවා. දිවයින පුරා ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. කෙසේ වෙතත් සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් […]


Jul
23

ඇල්පිටියේ අද පෞද්ගලික බස් රථ වර්ජනයක්

Generic placeholder image

ඇල්පිටිය ප්‍රදේශයේ කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ නිසා තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් පෞද්ගලික බස් රථ රියදුරන්, හිමිකරුවන් හා කොන්දොස්තරවරු ඇල්පිටිය බස් නැවතුමෙන් ගමන් ගන්නා සියලූම පෞද්ගලික බස් රථ අද(23) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ‍ඇල්පිටිය බස් නැවතුමෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ 60 ක් පමණ ධාවනයෙන් […]


Jul
23

එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වයා නම් කිරීම ළගදීම

Generic placeholder image

කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ඉතා කඩිනමින් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසනවා. ඊයේ(22) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේ දී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ […]


Jul
23

ප්‍රාථමික පාසල් දරුවන්ට අද සිට කිරි පැකට්ටුවක්

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාසල් දරුවන්ට කිරි ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) රත්නපුර, කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ආරම්භ වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ පළමු වැනි අදියරේදී මිලිලීටර් 150ක කිරි පැකට්ටුවක් පළමු වසරේ සිට පස්වන ශ්‍රේණිය අතර තෝරාගත් පාසල් 900ක ලක්ෂ 06ක දරුවන්ට මෙම කිරි ආහාර […]


Jul
23

මෛත්‍රි සහ මහින්ද හමුවකට යෝජනාවක්

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (24) රැස්වන මධ්‍යම කාරක සභාවේදී වැදගත් තීරණ කිහිපයකට එළඹෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසන බව වාර්තා වෙනවා. ඒ අනුව අවසන් එකඟතාවන් සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමටද එහිදී යෝජනා කරන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් […]


Jul
23

අගමැති අමාත්‍ය ධූර යළි භාර ගන්නා ලෙස ඉල්ලුවත් මුස්ලිම් මන්ත්‍රිවරු ඊට ප්‍රතිචාර නොදක්වයි

Generic placeholder image

මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් දැරූ අමාත්‍ය ධූර යළි භාර ගන්නා ලෙසයි. ඒ සඳහා මන්ත‍්‍රීවරුන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙනවා. එමෙන්ම එහිදී ඇමති ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරු විසින් අග‍්‍රාමාත්‍යවරයාට මුස්ලිම් ජනතාව මුහුණ […]


Jul
23

අද වර්ෂාපතනයේ අඩු වීමක්

Generic placeholder image

දිවයින හරහා වැසි තත්ත්වයේ අඩුවීමක් අද(23) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පවතින සුලං තත්වයේ අඩු වීමක් පවතින බව සදහන් වෙනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 ත් අතර වන අතර පුත්තලම සිට කොළඹ දක්වා සහ […]


Jul
22

26 වෙනිදා මගේ අවසාන එක්දින තරගය බලන්න එන්න – ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එදින තරගය නැරඹීම සදහා ලසිත් මාලිංග සියලූම රසිකයන්ට ආරාධනාවක් කරනවා.


Jul
22

ශී‍්‍ර ලංකා බංග්ලාදේශ තරගයෙන් පසු මාලිංග කි‍්‍රකට් පිටියට සමුදෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත අතර තරග 3කින් යුත් සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය සිය අවසන් […]


News Articles
Latest Videos
Most Popular Post