සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනත ළගදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එම පනත හරහා රජයේ සහ පෞද්ගලික මෙන්ම සෙසු සියලු පාසල්දඅධීක්‍ෂණය කළ හැකි බව මෙහිදී ඔහු කියාසිටියා. පාසල් දරුවන්ට නොමිලේ කිරි පැකට්ටුවක් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට අද (23) පෙරුවරුවේ එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ […]
බංග්ලාදේශ සංචාරයෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කරන ලෙසට කී‍්‍රඩා අමාත්‍යවරයා කළ නියෝගය පිළිබඳ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. කෙසේවෙතත් අදාළ නියෝගය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියා. ඒ අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැත්වෙන සාකච්ඡාවේ ප‍්‍රතිඵල […]
අඹතලේ ජල පවිත්‍රාගරයේ ප්‍රධාන පරීක්ෂණ නලයේ සිදු වු හදිසි බිද වැටීමක් හේතුවෙන් අද පස්වරු 06 සිට හෙට පෙරවරු 10 දක්වා පැය 16 ක කාලයක් කොළඹ ප්‍රදේශ ගණනාවක ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. එ අනුව කොළඹ 03,04,05,06 සහ හෝකන්දර යන ප්‍රදේශවලට එම කාලය තුලදි සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවනු […]
නිතීවිරෝධී ලෙස වෑන් රථයකින් එළුවන් පනස් තුන්දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදූව, කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී අදාළ සැකකරුවන් ඊයේ(22) අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් කුරුණෑගල, නාරම්මල සිට කොළඹට එළුවන් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සමබන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශව ආරම්භ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමෙන්තුවේ දුම්රිය බල ඇණිය වර්ධනය කරමින් ඉන්දියාවෙන් ගෙන්වූ එස් 13 වර්ගයේ නව බලවේග කට්ටලයක් සහ එම් 11 වර්ගයේ නව එන්ජිමක් එක් කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇනවුම් කර ඇති මුළු ද්විත්ව බලවේග කට්ටල සංඛ්‍යාව 6ක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම බලවේග කට්ටලය සමඟ බලවේග කට්ටල 4ක් දැනටමත් […]
වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිලිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශේෂ්ඨාධිකරණය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර තිබෙනවා. නියෝගය ලබාදී ඇත්තේ ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය […]
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල […]
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් පාකිස්තානයට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලිමක් කර තිබෙන බව වාර්තා වෙනවා. 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ දී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු කිසිඳු ක්‍රිකට් කණ්ඩායමක් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කළේ නැහැ.එවන් පසුබිමකදී ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී […]
චීනයේ ” යී ” නම් සුළු ජාතිකයන්ගේ සාම්ප්‍රදායික වාලියන් සැණකෙළි සමය පසුගියදා ආරම්භ වුණු අතර ඒ අනුව ඔවුන් මුහුණුවල දූවිලි ආලේප කරගනිමින් මෙම උත්සවයක් සමරන බව වාර්තා වෙනවා.මෙම උත්සවය අවුරුදු දහසකට වඩා පැරණි එකක් බව එරට වාර්තා සඳහන් කළා. මෙහිදී යහපත ප්‍රාර්ථනා කර ගනිමින් එකිනෙකාගේ මුහුණුවල දූවිලි ආලේප කර ගැනීම මෙහිදී සිදුකෙරෙන ප්‍රධානතම මෙන්ම සුවිශේෂ […]
මුහුදු රළට හසුවී පසුගියදා රූමස්සල කඳු පාමුළට පාවී ආ ග්ලෝරි ටු ගෝ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත අනුව නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැව් ඒජන්තවරයා දැනුවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩි දුරටත් සදහන් […]
ඊයේ(22) බෙන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කලේ වත්මන් රජයට මිනිසුන්ගේ ආරක්ෂාව ගැන කිසිදු වගකීමක් නැති බවයි. අගමැතිවරයා හා ජනාධිපතිවරයා කිසිදු වගකීමක් නොමැතිව සිටින බවත්, ජනාධිපතිවරයාට කිසිදු අවස්ථාවක දී වගකීමෙන් ගැළවිය නොහැකි බවත් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටින බව ද ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවා. එමෙන්ම එක් වේලක් […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා. පාස්කු […]