News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

සමනලි කාංචනගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි

Generic placeholder image

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා. ඇය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම වන්දි ඉල්ලීම සිදුකර තිබෙනවා. එය නොගෙවන්නේ නම් නඩු මගට යොමුවන බවත් ඇය වෙනුවෙන් නීතිඥ උඳුල් […]


Dec
12

රනිල්ට විශ්වාසය පලකිරීමේ යෝජනාව ජන්ද 117 කින් සම්මතයි

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජන්ද 117-0ක් ලෙස සම්මත වුවා. මෙහිදී දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිය ජන්දය ප්‍රකාශ කල අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඒ.එච්.එම්. […]


Dec
12

එක්නැලිගොඩ තවමත් ජිවතුන් අතර ? මධු මාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

Generic placeholder image

මාධ්‍යවේදි එක්නැලිගොඩ මිය ගොස් ඇතැයි දේශපාලන වේදිකාවන්හි දිගින් දිගටම  ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වුනා. එක්නැලිගොඩ මහතා තවමත් ජිවතුන් අතර සිටින බවට විටෙන් විට වාර්තා පල වුනා. ඔහු තවමත් ජිවතුන් අතර සිටින බැවු සඳහන් කමින් මධුමාදව අරවින්ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්, එක්නැලිගොඩ ජීවතුන් අතර ඩුබායි ප්‍රසංගය හමාර කර පිටි පසින් පිටව නොයා අපේ […]


Dec
12

මහින්දගේ ඇපෑල සිකුරාදා සලකා බැලීමට තීන්දු කරයි

Generic placeholder image

අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ගොණුකළ පෙත්සම දෙසැම්බර් 14 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. පෙත්සම අද කැදවූයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.


Dec
12

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සජිත් ඉදිරිපත් කරයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ” අද මුළු රටම අඩපණ වෙලා තිබෙන්නේ. රට එකම තැනක පන්වෙන රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ සඳහා හේතුව නීතිවිරෝධී අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සමග නිල නොවන ආණ්ඩුවක් පත්කිරිමයි. ක” යැයි ඔහු සිය යෝජනාව ඉදිරිපත් […]


Dec
12

IPL වල ලොකු ගණනකට වෙන්දේසි වන අපේ ක්‍රිඩකයෝ

Generic placeholder image

ලොව සුප‍්‍රකට ක‍්‍රිකට් තරගාවලියක් වන IPL තරගාවලිය සඳහා තෝරා ගැණුනු අවසන් ක‍්‍රීඩකයින් 346 දෙනෙකුගේ ලැයිස්තුවට ශ‍්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත් ව  තිබෙනවා. ඒ, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්. මෙම ක‍්‍රීඩකයින් 346 දෙනා තෝරා ගැණුනේ ක‍්‍රීඩකයින් 1003 දෙනෙකු අතරිනුයි . තෝරාගත් පිරිසට ඉන්දීය ක‍්‍රීඩකයින් 226 දෙනෙකුම අයත්. එහෙත් මෙවර ඉහළම වටිනාකම ලෙස මූලික අදියරේ මිල ගණන් ප‍්‍රකාශ කිරීමේදී […]


Dec
12

සිවිල් සංවිධාන 17 අද ලිප්ටන් වට රවුමට

Generic placeholder image

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සිවිල් සංවිධාන රැසක් අද (12) දිනයේ ද කොළඹ ලිප්ටන් වටරුමට රැස්ව උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව, අලූත් පරපුර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සමනල්ලූ සහ ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ ඇතුළු සංවිධාන 17ක් ඊට එක්වීමටයි නියමිතව බවයි සඳහන් වෙන්නේ. සංවිධායකයින් පවසන්නේ මෙතෙක් වෙන වෙනම සටන් කළ සියලූ සංවිධාන එක් පෙරමුණක් ලෙස, පළමු පියවර ලෙස මෙලෙස උද්ඝෝෂණයක නිරත […]


Dec
12

SLT  Zero One Awards 2018 සම්මානයෙන් සියත FM පිදුම් ලබයි

Generic placeholder image

SLT  Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සම්මාන කාණ්ඩයේ Best Digital Integrated Campaign දෙවන ස්ථානය දිනාගැනීමට සියත FM සමත් උනා. ඒ ඊයේ රාත්‍රියේ කොළඹ ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත්ව පැවතී සම්මාන රාත්‍රියේදීයි. මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ Best Digital Integrated Campaign සම්මාන කාණ්ඩය යටතේ නිර්දේශ වූ එකම ගුවන් විදුලි නාලිකාව බවට පත් වූයේද […]


Dec
12

රනිල්ට විශ්වාසය ඇති බවට ගේන යෝජනාවට ජවිපෙ සහය නෑ – TNA ත් සාකච්ඡා කරයි

Generic placeholder image

පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට යළි රැස්වීමට නියමිතයි. . ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අද දිනයට නියමිත න්‍යාය පත‍්‍රයේ පළමු කරුණු ලෙස දක්වා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ක‍්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාවයි. එය ඉදිරිපත් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම රවී කරුණානායක, අකිල […]


Dec
12

උපාලි කන්නංගර දිවි ගමනට සමුදෙයි

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවයි ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් පැවසුවේ. දේහය පිළිබද අවසන් කටයුතු සෙනසුරාදා සවස 4ට කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


Dec
11

තරුණයන් පිරිසක් රටටම ආදර්ෂයක් වෙමින් කොළඹ කොටුව දුම්රියස්ථානය පවිත්ත‍්‍ර කරයි

Generic placeholder image

කොළොඹ කොටුව දුම්රිය ස්ථානය  සිහි වූ විගස  මුලින් ඔබට අප්ප්‍රසන්න හැගීමක් එනු නොවනුමානයි. ඒ කොළඹ කොටුව පරිශ්‍රයේ ඇති දැඩි අප්‍රසන්න බව නිසා. ඇත්තටම ඒ පෙදෙස මෙතරම් දුෂණය වුනේ කාගේ වරදින්න්ද ? එයට දුම්රිය ස්ථානය පරිහරණය කරන ඔබත් මමත් එක ලෙස වගකිව යුතුයි. පසුගිය දිනක තාරුණ්‍යයේ වගකීම හදුනාගත් තරුණයන් පිරිසක්  කොළොඹ කොටුව දුම්රිය පල සෝදා පිරිසිදු […]


Dec
11

නැතිවූ හෝ සොරකම් කරන දුරකතන දැනුම් දෙන්න වෙබ් අඩවියක්

Generic placeholder image

නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. www.ineed.police.lk  නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ. මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මතය.


News Articles
Latest Videos
Most Popular Post