ස්ට්‍රෝබෙරි ගෙඩි තුළින් ඉදිකටු හමුවීමේ සිද්ධීන් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වාර්තා වුණා.මේ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.50 හැවිරිදි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්වින්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේදීයි. මේ දක්වා ඉදිකටු හමුවීමේ සිද්ධීන් සියයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ එම සිද්ධිය පිළිබඳ එරට රජය විශේෂ […]
අද (12) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදු වීමට නියමිතයි. අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමටයි නියමිතව ඇත්තේ. එහිදී ඉදිරි මැතිවරණයට තරඟවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලබන බවයි වාර්තා වන්නේ. තරඟ වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී […]
නව කැලණි පාලම ඉදි කිරීම හේතුවෙන් කටුනායක කොළඹ අදිවේගී මාර්ගයේ කොළඹ නගරයට ඇතුලු වීමේ තීරුව වසා දමා තිබෙන බව පොලිසිය පවසනවා. අධිවේගී මාර්ගයෙන් කොළඹ නගරයට පිවිසෙන රථ වාහන සඳහා විකල්ප මාර්ගයක් හඳුන්වාදී ඇති බවයි රථවාහන පොළිසිය වැඩි දුරටත් සඳහන් කළේ.
සෑම විටම පාර්ලිමේන්තුවේ පක්ෂයකට ස්ථාවර තත්වයක් ගොඩනගා ගන්න බැරි ඇයි..? රටේ මිනිස්සුන්ගේ දේශපාලන මතය විටින් විට වෙනස් වෙන්නෙ ඇයි..? මේ කාරණාවලට පාර්ලිමේන්තුවේ පිහිටිම බලපානවා කිව්වොත් ඔබ පුදුම වෙයි. සියත 24 අපි මේ ගැන කරන හෙළිදරව්වයි මේ. පහත වීඩියෝව අනිවාර්‍යයෙන් බලන්න. ඉන් පසුව පෙර වසරවල පැවති තත්වයන් සමග සසදා ඔබම තීරණය කරන්න එය කොතෙක් දුරට ඇත්තක්ද […]
පාර්ලිමේන්තුව විසුරවා නොහැර 14දා පාර්ලිමේන්තුව රැස් කළේනම් මරණ පවා ඇතිවිය හැකිව තිබූ බවත්, සාමය ආරක්ෂා කරමින් රටේ ගැටුම් තත්ත්වයන් ඇති වීම වළක්වමින් පාර්ලිමේන්තුව විසුරවා ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණ කළ බව ජනපති අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය (2018-11-11)
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවයි. දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ටී.එම් ඩිල්ශාන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි වාර්තා වෙන්නේ. ඊයේ දිනයේදී ඒ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඩිල්ශාන් ඉදිරියේදී කොළඹ හෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.
මහ මැතිවරණයක් කැදවීම සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිසමේ සභාපති සමග එහි නීත්‍යානුකූලභාවය පිළිබද සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මාධ්‍යය වෙත කියා සිටියේ සිය පෙරමුණ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් බවයි. ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම මැතිවරණයක් සදහා සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
හෝර්ටන් තැන්න ලෝකාන්තයෙන් පහළට වැටුණ 35 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවගේ සිරුර බලංගොඩ නන්පේරියල් වතුයායෙන් සොයා ගත් බව සියත නිවුස් වෙත වාර්තා වුණා.
මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය පළ කිරීමට එක් වූ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරුන්ට මීළග පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හෝ ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසුවේ එම මන්තී‍්‍රවරුන් මහමැතිවරණයට ඉදිරිපත් නොවුවද ඔවුන්ට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ලබාදීමට එකගතාව පළ වී තිබෙන බවයි. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර […]
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එහි සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.