දුවද්දී දවියාමක් කියන්නේ ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක්. ක්‍රීඩකයින් දෙදෙනෙක් කඩුලු අතර දුවද්දී තමයි ඒ විදියේ දවා ගැනීමක් කරන්න පුළුවන්. හැබැයි ලෝකයේ මෙච්ච්ර කාලෙකට සිද්ධ නොවුන අමුතුම දුවද්දී දවා ගැනීමක් ඊයේ ඕස්ට්‍රේලියා – පාකිස්ථාන ටෙස්ට් තරඟයේදී බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.. https://youtu.be/a_eseS1XjX0
කොළඹ අහස සිඹිමින් නෙලුම් කුළුන පිපෙන්න තියෙන්නේ තවත් ටික දවසක් විතරයි. මේ දවස්වල ලහි සඳහා සියල්ල සූදානම් වෙනවා. වාර්තාවෙන විදියට මේ වෙද්දී තාක්ෂණික අත්හදා බැලීම් තමයි සිද්ධ වෙන්නේ. පහුගිය දවස් දෙකේ නෙලුම් කුළුන සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුණා. බලන්න එපැයි අපූරුව. කොළඹ අය ඒ ලස්සන දැක්කට අනිත් අයට බලා ගන්න බැරි වුණා නේ. මේ තියෙන්නේ නෙලුම් කුළුන […]
පහුගිය ටිකේ ලංකාවේ අයට තිබ්බ දැවෙන ප්‍රශ්නය තමයි ඉන්ධන මිල සූත්‍රය. මුදල් ඇමතිතුමා කිව්වේ ජනතාවට තියා තමන්ටවත් මේ මිල සූත්‍රය තේරෙන්නේ නෑ කියලා. කොහොම වුනත් මීට සුළු මොහොතකට කලින් තිබ්බ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මිල සූත්‍රය මාධ්‍යට ඉදිරිපත් කරා. මේ තියෙන්නේ රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය.
Photography By : Yohan’s Studio Photography
ලංකාවේ කලාවට සුවිශේෂී මෙහෙවරක් කරමින් ඉන්න විද්වතෙක් තමයි රත්න ශ්‍රී විජේසිංහ මහතා. ප්‍රවීණ ගී පද රචකයෙක් විදියට එතුමා ප්‍රසිද්ධියක් උසුලනවා. එතුමා සිංහල සාහිත්‍යට කරන ලද සේවය අගය කරලා “දර්ශන විශාරද” ආචාරය උපාධිය පුද කරන්න රුහුණු විශ්ව විද්‍යාලය කටයුතු කරා. එම විශ්ව විද්‍යාලයේ පැවැත්වුන උපාධි පිරිනැමීමේ උත්සවයේදී රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා අතින් […]
මාවනැල්ලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඉමිතියාස් කාදර් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ, කෑගල්ල ඇල්බට් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයා ගැනීම නිසා. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව අද (18) උදෑසන ඔහුගේ නිවස වටලලා තියෙනවා. එහිදී MP5 ගිනිඅවියක්, T56 ගිනි අවියක් හා රිපීටර් වර්ගයේ […]
ඩොල්ෆින් කියන්නේ මුහුදේ ඉන්න අපූරු මාලුවෙක්. ඒ වගේම ධීවරයින්ගේ හොඳ මිත්‍රයෙක්. හැබැයි මේ වෙද්දී මිනිසාම ඩොල්ෆින්ට හතුරු වෙලා තියෙනවා. හැබැයි තාමත් මනුස්සකම් ඉතිරි වෙලා තියෙනවා කියලා පෙන්වන Video එකක් අපිට හම්බුණා. පහුගිය දවසක යාපනයේ ධීවරයින්ගේ මාළු දැල්වලට ඩොල්ෆින් පැටව් කිහිප දෙනෙක් ඇහුවෙලා තිබ්බා. සාමාන්‍යයෙන් ඩොල්ෆින් මාළු වෙළඳපොලේ ඉහළ මිලකට විකිණෙනවා. හැබැයි මේ ධීවරයින් නම් තමන්ගේ […]
පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ දී කඩඉම් ලකුණට පහළ ලකුණු ලබා ඇති සියලූ සිසුන් අසමත් සිසුන් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. එම අමාත්‍යංශය සදහන් කලේ ලකුණු 70 ට ඉහළ ලකුණු ලබාගත් සියලූ සිසුන් ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් ලෙස සලකා සහතික පත‍්‍රයක් නිකුත් කෙරෙන බවයි. අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ලබාදීමත්, ඉහළ […]
රුසියාවේ කර්ච් නගරයේ කාර්මික විද්‍යාලයකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් වාර්තා කලේ. ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් වැඩි දෙනෙකු කාර්මික විද්‍යාලයේ සිසුන් වනවා. ප‍්‍රහාරය සිදු වූ අවස්ථාවේ ආරක්ෂක අංශ පවසා තිබුනේ එය ”හඳුනානොගත් යමක් පිපිරීමෙන්” මෙය සිදු වූ බවයි. නමුත් […]