සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. දිවා රාත‍්‍රී තරගයක් ලෙස අද තරගය සවස 2.30 ට ආරම්භ වීමට නියමිතයි.දෙරට අතර එක්දින තරගාවලිය තරග 05 කින් සමන්විතයි. දඹුල්ල ප‍්‍රදේශයට විටින් විට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙන් කණ්ඩායම් දෙකම ඊයේ සිය අවසන් පුහුණු සැසිවලට සහභාගි […]
රාජ්‍ය නිල සංචාර වල නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ජනාධිපතිතුමා සීෂේල් ස් හි රාජ්‍ය නිල සංචාරයක නිරත වූ අතර අග‍්‍රාමාත්‍යවරයා නිල සංචාරයක නිරත වුනේ එංගලන්තයේයි. අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි. ඒ වත්මන් දේශපාලන තත්වය සහ 2019 අයවැය සම්බන්ධයෙන්.
මෙරට ආනයනික කටයුතු සදහා සම්බාධක පැනවීම තුලින් රටෙහි ආර්ථික අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වන බව ආර්ථික විශේෂඥයන් පවසනවා. පේරාදණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද ආචාර්‍ය වසන්ත අතුකෝරල මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ ආර්ථික ගැටලු පාලනය කිරීම සදහා මෙරට රාජ්‍ය විදෙස් සංචාර සීමා කල යුතු බවයි. ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 172 යි ශත 34 ක් […]
වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වනවා. එම පළාත් සභාවේ පාලන කටයුතු ආණ්ඩුකාරවරයා යටතට පත්වන බවයි රජය සදහන් කළේ. මධ්‍යම පළාත් සභාවේ නිල කාලය පසුගිය 08 වනදා අවසන් වූ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වනදා අවසන් වීමට නියමිතයි. මෙම පළාත් සභා තුනෙහි කාලය අවසන්විමෙන් අනතුරුව පළාත් සභා 06 ක කාලය නිල […]
වාහන් තියෙන අය උදා වෙනවට අකමැතිම දවස් තමයි අද. ඒ අද තෙල් මිල වෙනස් වෙන නිසා. ඉන්ධන මිල සමාලෝචනයට පත් කළ අමාත්‍ය අනුකමිටුව අද රැස් වෙන්න නියමිතයි. ඉන්ධන මිල සංශෝධනය වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ දැනුම් දෙන්න දෙනවා. ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 81 ඉක්මවා ගිහින් තියෙනවා. ආර්ථික විශ්ලේෂකයන් […]
පහුගිය දවස් කිහිපයේ ලංකාවට කරදර කරපු ටිට්ලි ලංකාවෙන් ඈතට යන්න පටන් අරං. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරේ එය වයඹ දෙසට ගමන් කරමින් සීමාවෙන් ඉන්දියාවට ඇතුළු වෙනවා කියලා. මේ නිසා දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට සිට අපේක්ෂා කරනවා. කොහොම වුනත් අද බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල […]
කොළඹ අඩුවක් නැතිව හැමදාම තියෙන එකම දේ Traffic. මොන ලොක්කා ආවත් Traffic එකෙන් බේරෙන එක නම් බොරු. මේ දවස්වල තියෙන වැස්ස නිසා දැන් කොළඹ Traffic ඩබල් වෙලා තියෙන්නේ. ඊයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාටත් Traffic නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තු පාරේ තිබ්බ Traffic එක නිසා ඇමතිතුමාට පාර්ලිමේන්තු එන්න වුණේ මෝටර් බයිසිකලයක. නිකන්ම නෙවෙයි […]
මුහුණු පොතේ පසුගිය දවස් වල වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච ගායකයා තමයි දමිත් අසංක කියන්නේ. ඒ කවුරුත් ආදරය කරපු මේ කලාකරුවා පොලිස් අත් අඩංගුවට පත් වීම නිසා. ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණේ කලහකාරීව හැසීරිම කියන චෝදනාව. කොහොම හරි අද දමිත් අසංකට ඇප ලැබුණා. මේ විදිහට ශරීර ඇප දෙකක් මත දමිත් අසංකව නිදහස් කරන්න නියෝග කලේ […]
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්. 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගත හැකි […]