https://youtu.be/fH-Ca-OfKvs
ජීවිතයත් හරියට තණ පතක් අග රැඳී පිනි බිදුවක් වගේ. කොයිවෙලේ මේ ලෝකය අතහැරලා යන්න වෙයිද කියන්න බෑ. ඒ වගේම තමයි මේ ලෝකයට අවොත් අනිවාර්යෙන් යන්න වෙනවා. හැබැයි අවාසනාවකට වගේ මේ ලෝකයේ වැඩිම කාලයක් ඉන්න ඕන අයට තමයි ඉක්මනටම යන්න වෙන්නේ. සියත මාධ්‍ය ජාලයේ දත්ත සැකසුම් කරුවෙක් විදියට සේවය කළ ලහිරු නිශාද් ප්‍රනාන්දු සොයුරා හදිසියේම අභාවප්‍රාප්ත […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ප්‍රහාරත්මකම පිතිකරුවෙක් තමයි කුසල් ජනිත්. ඔහුගේ සුපිරි දක්ෂතා නිසාම ජාත්‍යන්තයෙන් විවිධ කැපිලි ඔහුට ආවා. කුසල් තහනම් උත්තේජක අරන් කියලා ප්‍රභල චෝදනාවකුත් කරා. හැබැයි ICC ය කරපු පරීක්ෂණයකින් පස්සේ කුසල් ජනිත් නිවැරදි බව ඔප්පු වුණා. හැබැයි ඒ කාලයේදී කුසල්ගේ කීර්ති නාමයට ලොකු හානියක් වුණා. ඒ නිසා කුසලට වන්දි මුදලක් ගෙවන්න ICC […]
ජාතික පොලිස් කොමිශන් සභාව හා පොලිස්පතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට හමුවට කැදවීමට තීරණය කර තිබෙනවා. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා විසින්. ඉදිරි සතියේ දෙපාර්ශවයටම එම සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිලිබඳව මෙහිදි අවධානය යොමු […]
ක‍්‍රීඩා පාසල් වල පුහුණු වීම් සිදු කරන සිසුන්ට ලබා දෙන පෝෂණ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාකවකට අනුවයි. මේ යටතේ එක් ශිෂ්‍යයෙකුට ලබා දෙන මාසික පෝෂණ දීමනාව රුපියල් 2,500 සිට 5,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ අතර ගල්කිස්සේ සිට අගුලාන දක්වා වෙරළ […]
බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවලක් තමයි ශායිඩ් සහ ශ්‍රද්ධා. “හෙදර්” චිත්‍රපටියෙන් තමයි ඔවුන් වඩාත් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ ශායිඩ් සහ ශ්‍රද්ධා පෙම බොලිවුඩයේ දකින්න ලැබුණේ නෑ. හැබැයි ආයෙත් ශායිඩ් සහ ශ්‍රද්ධා ආදර කතාව පටන් අරගෙන තියෙනවා. ඒ “බට්ටි ගුල් මෙටර් චාලු” චිත්‍රපටියෙන්. තවත් නොබෝ දිනකින් මේ චිත්‍රපටිය තිරගත් වෙන්න නියමිතයි. ශ්‍රී නාරයන් සිං තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය […]
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ මව හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් කොළඹ 12 ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. සැකකාරිය සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලි ග‍්‍රෑම් 200 පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට 2ගත් සැකකාර කාන්තාව 53 හැවිරිදි කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක […]
කුරුල්ලෙක්ට වගේ නිදහසේ පියාඹන්න මිනිසුන්ට බෑ. හැබැයි අහසේ ඉගිල්ලෙන්න පොඩි කාලේ ඉඳන් හීන දකින අය ඉන්නවා. ඒ අය තමයි දවසක ගුවන් නියමුවන් වෙන්නේ. ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඒ ඉදිරි අවුරුදු 20 දී ආසියාවට ගුවන් නියමුවන් 240,000 ක් අවශ්‍ය වෙලා තියෙනවා. ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයත් සමගයි මේ ඉල්ලුම වැඩි වෙලා […]
බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සදහා මුතුරාජවෙල ප‍්‍රදේශයෙන් ඉඩමක් ලබාගත් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ එකතු වී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා මහජන පීඩාවක් ඇති වී ඇති බවට මාධ්‍ය මගින් ඊයේ පළ කළ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්. ඒ සදහා අමාත්‍ය […]
සෞදි කාන්තාවන් පස්දෙනෙකුට ගුවන් නියමුවරියන් ලෙස සේවය කිරීමට අවශ්‍ය වෘත්තිමය බලපත‍්‍ර ලබාදීමට සෞදි ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. වානිජ ගුවන්යානා පැදවීමේ හැකියාව එම කාන්තාවන් පස්දෙනාට ඇති බවයි සෞදි ගුවන් සේවා අධිකාරිය ප‍්‍රකාශ කළේ. සුදුසුකම් ලත් සෞදි කාන්තාවන්ට ගුවන්යානා ක්ෂේත‍්‍රයට පිවිසීමට ඉදිරියේදි අවස්ථාව හිමිවන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සෞදි කාන්තාවන්ට මෙලෙස ගුවන් නියමු […]
රජ පවුලේ අලුත් සාමාජිකාව මේගන් මාකල් දවසින් දවස අලුත් පුවත් මවනවා. විශේෂයෙන්ම රජ පවුලේ නීති කඩ කිරීම ගැන තමයි ඇය වඩාත් ප්‍රසිද්ධ. හැබැයි මේ සැරේ නම් ඇය නීති කඩන්නේ නැතුව රැජිනගෙන් අවසර ඉල්ලලා තියෙනවා. ඒ රජ පවුලට අමුත්තෙක් ගෙන්න. මේ අමුත්තා බලු සුරතලෙක්. මාලිගාවට බලු සුරතල් ගේන්න මේගන්, මහ රැජිනගේ අවසරය ඉල්ලලා තියෙනවා. “ලැබ්‍රර් ඩෝග්” […]