News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

Original එක්කෙනාගේ තවත් එකක්…

Generic placeholder image

https://www.facebook.com/disna.munasinghe/videos/10204939620367118/


Aug
27

හිටපු යුධ හමුදාපති ජීවිත මෙහෙයුමට සමුදෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන එතුමා 77 වැනි වියෙහි පසුවුණා. දළුවත්ත මහතා 1961 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදාවට එක්වෙනවා. 1996 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වැනි යුද හමුදාපති ලෙස ඔහු පත්වීම් ලබනවා. රිවිරැස මෙහෙයුමටද රොහාන් දළුවත්ත මහතා නායකත්වය දීලා තියෙනවා. රණබිමේ දක්වපු දක්ෂතා නිසා වීර වික්‍රම […]


Aug
27

මින්නේරිය ජාතික වනෝද්‍යානය වසා දමා නැහැ.

Generic placeholder image

මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමිමක් සිදු කර නොමැති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා සදහන් කලේ මින්නේරිය වනජීවි කාර්යයාලයේ හටගත් උණුුසුම් තත්වයත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂනයක් ක‍්‍රියාත්මක බවයි. එම පරීක්ෂනය හේතුවෙන් වනජීවී කාර්යාලයේ දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කලා. නාදුනන […]


Aug
27

අයහපත් කාලගුණයට චීනයේ 14 ක් බිලි.

Generic placeholder image

චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය නිසා දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. මේ නිසා වැඩිම හානියක් වෙලා තියෙන්නේ ෂාගුවාන් ප්‍රදේශයට. මේ වෙද්දී අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ වගේම ෂාගුවාන් ප්‍රදේශයේ ඇතිවූ ජලගැල්ම නිසා එළවළු වගා බිම් විශාල ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා.


Aug
27

රජය නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කල බව ජනපති කියයි.

Generic placeholder image

නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබ`ද ශක්තිමත් පදනමක් ඇති කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා. රටේ […]


Aug
27

ක්‍රිකට් හදන්න අර්ජුන පිල් මාරු කරයි?

Generic placeholder image

අර්ජුන රණතුංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට වීරයෙක්. ඒ ඔහු 96 ලෝක කුසලානය දිනා ගන්න කළ මෙහෙවර නිසා. ක්‍රිකට් වලින් සමුගත්ත අර්ජුන දේශපාලනයට ආවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න කියලා. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ස්යයේ හිටිය අර්ජුන දැන් ඉන්නේ එක්සත් ජාතික පෙරමුණේ. හැබැයි අර්ජුන ආයෙත් පිල් යනවාදෝ කියලා හැඟෙන ප්‍රකාශයක් කරලා තිබ්බා. වත්මන් ජනපති – අගමැති […]


Aug
27

විශ්‍රාමික හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි.

Generic placeholder image

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයට අනුවයි. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ‍්‍රාමික මේජර් […]


Aug
27

මෙරට සියලුදෙනා ඉදිරි මාස 09 ක කාලය තුළ ඊ-හෙල්ත් ව්‍යාපෘතියට.

Generic placeholder image

මෙරට සියලූදෙනා ඉදිරි මාස 09 ක කාලය තුළ ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ කොළඹ පැවති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ 61 වන වාර්ෂික සැසිවාරය අමතමින්. සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මාස 04 තුළ දිවයිනේ සියලූ රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීම සදහා විදේශීය සමාගමක ආයෝජන ද […]


Aug
27

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක්.

Generic placeholder image

බංග්ලාදේශයේ සංචාරයකට සහභාගී වන ලෙස එරට අගමැතිනි ෂෙයික් හසිනා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා. බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තෆා කමල් අග‍්‍රාමාත්‍යවරයා වෙත මේ බව සදහන් කළේ වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව පැවැත්වුණු ද්විපාර්ශවික සාකච්ඡාවේදී. ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තව තවත් සමීප කරලීමට සඳහා නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්රිකයාකාරී සැලසුමක් දියත් කළ […]


News Articles
Latest Videos
Most Popular Post