ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රඳවා තබාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් මධුෂ්ගේ නීතීඥයා විසින් ඇප අයැදුම්පතක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ මෙම ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කර ඇති බව සදහන්. තම […]
දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7802ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව පසුගිය 2019.07.05 දින සිට අද (09) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම බීමත් රියදුරන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ගත වූ පැය 24 කාලය තුල බීමත් රියදුරන් 136ක් අත්අඩංගුවට ගෙන ඇති බව […]
වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව හයලක්ෂ 58,696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පීඩාවට පත් වැඩිම පිරිස උතුරු පළාතේ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එම සංඛ්‍යාව දෙලක්ෂ 24,000කට අධිකයි. නැගෙනහිර පළාතේ පුද්ගලයින් එක්ලක්ෂ 63,000ක් හා වයඹ පළාතේ පුද්ගලයින් 63000කට අධික පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා. මීට අමතරව උතුරුමැද පළාතේද විශාල පිරිසක් වියළි කාලගුණය හේතුවෙන් ජලය […]
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් අමෙරිකාව සඳහා සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තා වූ සමුහ වෙඩි තැබීම මාලාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. අමෙරිකාවේ ටෙක්සාස් සහ ඔහියෝ යන ප්‍රදේශවල පසුගිය ඉරිදා සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් […]
දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වන ඉරිදා තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා. දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වැනිදා සවස3.00 දක්වා කොචින් ගුවන් තොටුපළේ සියලුම ගුවන් මෙහෙයුම් වසා දැමීමට කටයුතු කරන බව කොචින් ගුවන්තොටුපල අධිකාරිය නිවේදනය කළා. පවතින […]
නවසීලන්තයට එරෙහිව ලබන බදාදා (14) ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන අවසාන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. දිනේෂ් චන්දිමාල්ද ඊට ඇතුළත්. 1. Dimuth Karunaratne – Captain 2. Angelo Mathews 3. Dinesh Chandimal 4. Lahiru Thirimanne 5. Kusal Mendis 6. Kusal Janith Perera 7. Niroshan Dickwella 8. Dhananjaya De Silva 9. Akila […]
පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස් දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය පාකිස්තාන විපක්ෂ දේශපාලන නායිකාවක් වනවා. ඒ අනුව එරට විපක්ෂය නියෝජනය කරන ඉහළ පෙළේ දේශපාලනඥයෙකු අත්අඩංගුවට පත් වූ ආසන්නතම අවස්ථාවද මෙය වෙනවා. මේ වන විට දුෂණ චෝදනා හේතුවෙන් හිටපු අගමැති නවාස් ෂරීෆ්ද සිර දඩුවමකට බන්ධනාගාර ගත […]
මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර මේ වන විට අධිකරණය මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්ප ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර ඊයේ ආරම්භ වුනු පළමු පුහුණු තරගයේ ඊයේ දිනය නිමා වන විට පළමුව පන්දුවට පහරදෙන ක්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 06 කට ලකුණු 323 ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී අශාන් ප්‍රියන්ජන නොදැවී පන්දු 76 කට ලකුණු 56 රැස් කරගෙන සිටි අතර මිනෝද් භානුක […]
මොරටුවේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කලේ එක්සත් ජාතික පක්ෂය තුළ සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් එය ස්‌ථාපිත කිරීමට ක්‍රමවේදයක් ඇති බවයි. ඒ අනුව මෙවරත් ජනපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඒ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බවත් සදහන් කල එතුමා අපේක්ෂකයාව තෝරාපත්කර ගැනීම සිදුවන්නේ පක්ෂයේ කෘත්‍යාධිකරණ මණ්ඩලය හා […]
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමන්ට හිමි මන්ත්‍රී ධුරය ලබා ගැනීමට මිස කිසිවෙකුගේ දේශපාලන ගමන අවහිර කිරීමේ අරමුණින් නොවන බවටයි. එමෙන්ම එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පක්ෂ තීන්දුවක් මත තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු […]
මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විථි සංචාරය කෙරුණු අතර රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළා. එමෙන්ම ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකළා.