News Line| Off Air
Generic placeholder image

Aug
6

පොලීසියේ ඉහළ තනතුරු දරන 73කට ස්ථාන මාරුවීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහල පොලිස් නිලධාරීන් 73දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ පොලිස් අධිකාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට පහළ තනතුරුවලට අදාළව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත් එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් විසි දෙදෙනෙකුට […]


Aug
6

ජනපති සහ විපක්ෂනායක අතර විශේෂ හමුවක්

Generic placeholder image

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ(05) රාත්‍රී මෙම හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එමෙන්ම මෙම සාකච්ඡාවට පෙර පසුගියදා දුරකථනයෙන් ද ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා පවත්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


Aug
6

තද සුළං සමග මුහුද රළු වෙයි

Generic placeholder image

දිවයිනේ පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සු‍ළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේතුව නිවේදනය කරනවා. ඒ අනුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු […]


Aug
5

මධ්‍යම පිලිපීනයේ බෝට්ටු අනතුරු තුනකින් 31 මරුට

Generic placeholder image

මධ්‍යම පිලිපීනයේ සිදුවූ බෝට්ටු අනතුරු තුනකින් පුද්ගලයන් 31දෙනෙකු මියගොස් පුද්ගලයන් තිදෙනෙක් තවමත් අතුරුදන්ව සිටිනවා. මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ සුළඟකින් මධ්‍යම පිලිපීනයේ ඉලෝඉලෝ සහ ගුයිමාරස් ප්‍රදේශවලට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටු තුනක් මෙලෙස පෙරලී ගොස් තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටු දෙකක මගීන් 96 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරට පත් අනෙක් බෝට්ටුව තුළ මගීන් […]


Aug
5

රාජ්‍ය අමාත්‍ය රන්ජන් වසර 38 කට පසු උසස් පෙළ ලියයි

Generic placeholder image

1981 දී සිය උසස් පෙළ විභාගයට ප්‍රථම වරට පෙනී සිටි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (අගෝස්තු 5) වසර 38 කට පසු දෙවන වරටත් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. නීතිඥයෙකු වීමේ අපේක්ෂාව සපුරාලීම සඳහා උසස් පෙළ විභාග සමත් වීමෙන් පසු නීති විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් […]


Aug
5

සහරාන් හෂීම්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරුවන් යළි රිමාන්ඩ්

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ මස 19 වනදා තෙක් අද (05) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. සැකකරුවන් පිළිබඳ […]


Aug
5

මම ඇමති මණ්ඩලයට උදෙන්ම නැගිටින්න පුරුදු කරවනවා – ජනපති කියයි

Generic placeholder image

ලංකාවේ බෝ නොවන රෝගයන්ට ගොදුරුවන ප්‍රතිශතය බෙහෙවින් ඉහල යමින් පවතින අතර නිවැරදි නොවන ආහාර රටාවකට හුරු වී සිටීම මෙයට හේතුව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරනවා. එතුමා මේ බව ප්‍රකාශ කලේ පෙරේදා මින්නේරිය හෙළ බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට සහභාගී වෙමින්ය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා ” […]


Aug
5

ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ලබන 15 වනදා සිට

Generic placeholder image

ඊයේ (04) පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන 15 වනදා සිට 20 වනදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් හයදහසකට වැඩි පිරිසක් යෙදවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.


Aug
5

මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රිකට් සොයාගත් මහත්වරුම අමතක කරයි

Generic placeholder image

ආසියාව තුල ක්‍රිකට් ක්‍රීඩාව මුල් බැස ගත්තද ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමකරුවා වන්නේ එංගලන්තයයි. ඒ අනුව මඩ ගැසීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර ධර්මයන්ට පටහැනිය. ඒ නිසාම වෙන කවර ක්‍රීඩාවකටවත් නොමැති ඉහල ගෞරවාදරයක් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවෙයි. ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩාව මහතවරුන්ගේ ක්‍රීඩාව ලෙසද සදහන් කරයි. කෙසේ වෙතත් නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී විනිසුරුවන් […]


Aug
5

යාපනයේ තරුණයෙකු කැනඩා පොලිසියේ ඉහල තනතුරකට

Generic placeholder image

යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානි තනතුරක් ලබා දී තිබෙනවා. පසුගිය අගෝස්තු 01 වනදා සිට එරට පොලිස් සභාව විසින් නිෂාන් දොරේඅප්පා මහතා කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත් කොට ඇති බව සදහන්. යුද සමයේදී […]


Aug
5

කොළඹ ට‍්‍රැෆික් අඩු කරන්න තව සති දෙකකින් AC බෝට්ටු සේවයක්

Generic placeholder image

වායු සමනය කළසැප බෝට්ටුවලින් ලාබෙට ගමන් බිමන් යෑමට තව සති 2 කින් හැකි වනවා.එවිට කොටුවේ සිට යුනියන් පෙදෙසට විනාඩි 10 කින් යෑමටත් මාර්ග තදබදය වැඩි වේලාවටත් වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 35කින් යෑමටත් හැකියි. ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාවට නංවන කොළඹ නගරයේ ජල මාර්ගවල දිවෙන මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මගින් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවනවා. ඒ අනුව […]


Aug
5

ලක්ෂ 1000 ක් ඉල්ලා රංජන් රාමනායකගෙන් ඉරාජ්ට ලියුමක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමග පැවති සාකච්ඡාවක වීඩියෝවක කොටසක් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත පල කර ඇති අතර අමාත්‍යවරයා එහි සදහන් කර ඇති දේ ප‍්‍රකාශ නොකල බව පවසා ඉරාජ් වීරරත්නගෙන් ලක්‍ෂ 1000ක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා. එමෙන්ම එය නොගෙවන්නේ නම් ඔහුට විරුද්ධව නඩු මගට යන බව රන්ජන් රාමනායක අමාත්‍යවරයා ප‍්‍රකාශ […]


News Articles
Latest Videos
Most Popular Post