ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සුබ සාධක ගැටලූවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සිසුන් පවසන්නේ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තම ගැටලූවලට විසදුම් ලබාදීමට පියවර නොගන්නා බවයි. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලූම පීඨ වසා දැමීම සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමක් බව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය […]
පොලිසීයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පුද්ගලයාගේ ඥාතී කාන්තාවන් තිදෙනෙකු ඊට බාධා කල බවයි පොලීසිය පැවසුවේ. හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අනෙක් කාන්තාවන් තුන් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට අවහිරය, […]
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල දෙවන පාසල් වාරය අගෝස්තු මස 03 වනදා අවසන් වනවා. තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේ. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අගෝස්තු මස 20 වනදා අවසන් වනවා. එම පාසල් වල තෙවන පාසල් වාරය අගෝස්තු මස 27 […]
2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම අගෝස්තු මස 10 වනදා සිට ආරම්භ වනවා. අගෝස්තු 09 වනදා සිට ඡන්ද හිමි නාමලේඛන ග‍්‍රාම නිළධාරී කාර්යාල වල ප‍්‍රදර්ශනය කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් මහතා සදහන් කළේ. එහි යම් සංශෝධන සිදු කිරීමට ඇත්නම් සැප්තැම්බර් මස 06 වන දින දක්වා ඊට අදාල අභියාචනා සහ විරෝධතා […]
රත්නපුර නියදගල කන්ද හෙවත් ආදර කන්දේ ඇති වූ ගින්න සම්භන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ හට ගත් මෙම ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ ගින්නෙන් අක්කර 100 ක පමණ භූමි ප‍්‍රදේශයක් විනාශ වී තිබෙනවා. ආදර කන්ද තරණය කල මිතුරන් තුන් දෙනෙකු එහි දැල්වූ ගිනි මැලයක් මගින් […]
රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් කම්කරු නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින්. ඒ අනුව දිවයින පුරා සිටින සියලූ කම්කරු නිලධාරීන් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුතු වලට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය සදහන් කලේ සිය නිලධාරීන් දෙදෙනෙකු […]
රත්මලාන ගුවන් පථය ආශ‍්‍රිත ප‍්‍රදේශ වල සරුංගල් යැවීමේදී අවධානයෙන් පසුවන ලෙස ගුවන් හාමුදාව දැනුම් දීමක් සිදු කරනවා. ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගිහාන් සෙනවිරත්න මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ගුවන් යානා ඉහල නැංවීමේදී සහ ගොඩ බැස්වීමේදී අනතුරු සිදු විය හැකි බැවින් එම දැනුම් දීම සිදු කරන බවයි. එළඹෙන පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් යැවීමේදී එම […]
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක මහගමගේ ගාමිණී මහතා ලබන 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී යි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග […]
පොලිස් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ජාතික පොලීස් කොමිසමේ අනුමැචිය අනුව පොලිස්පතිවරයා විසින් මෙම වැඩ තහනම් කිරිම සිදු කළබවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ. ඉංගිරිය ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් […]
ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. හෙට පෙරවරු 09 00 සිට පැය 15 ක කාලයක් අදාළ ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. බියගම උතුර සියඹලාපේ වත්ත අලූබෝවිල දෙල්ගොඩ අකුරුමුල්ල කදුබොඩ උලහිටිවල වල්ගම යබරලූව මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට ඇතුළත්. මල්වාන දොම්පේ […]
දෙහිවල ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග‍්‍රෑම් 886 ක් අඩංගු පාර්සලයක් සොයාගෙන තිබෙනවා. ඒ දෙහිවල පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. අදාළ නිවස බංගලාදේශ කාන්තාවක් කුලියට ගෙන ඇති නිවසක් බවයි පොලිසිය සදහන් කළේ. නිවස පරීක්ෂා කිරීමේදී ඇය නිවසෙහි සිට නැහැ. සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා දෙහිවල පොලිසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි. මේ අතර හෙරොයින් ග‍්‍රෑම් […]
කාම්බෝජ මහ මැතිවරණයෙන් එරට අග‍්‍රාමාත්‍ය හුන් සෙන්ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග‍්‍රහණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පාර්ලිමේන්තුවේ ආසන 125 න් 100 ක බලය පාලක පක්ෂය සතුව ඇති බවයි. ඡන්ද දායකයින් සියයට 82 කට අධික පිරිසක් ඡන්දය භාවිත කර තිබූ බව සදහන්. මෙවර කාම්බෝජයේ මහ මැතිවරණය සදහා දේශපාලන පක්ෂ 20 ක් ඉදිරිපත්ව සිටියා. නමුත් […]