News Line| Off Air
Generic placeholder image

Aug
20

කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් විවේක ගනී

Generic placeholder image

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේදී නවසීලන්ත නායක කේන් විලියම්සන්ව විවේක ගන්වා තිබෙනවා. ඒ අනුව 20යි 20 තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටිම් සවුතිටයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිට තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක කේන් විලියම්සන්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේදී විවේකයක් ලබා දීමට තීරණය කළ […]


Aug
20

මෙරට ප්‍රථම වරට “වේදනා පාලන” හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට වේදනා පාලන හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම පළමු පාඨමාලා කණ්ඩායමට හෙද හෙදියන් 42 නෙක් ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ අතර අදාළ පාඨමාලාව පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගින් මෙහෙයවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව දැඩි සත්කාරක හෙදියන්, හදිසි […]


Aug
20

හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

Generic placeholder image

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ඨ සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමඟ සුහද කතා බහක ද නිරත වූ අතර .හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.


Aug
20

පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් – යසුෂි අකාෂි

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් බව යසුෂි අකාෂි මහතා පවසනවා. කෘෘර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍යය පියවර ගන්නා අතර, රටේ වාර්ගික සාමය සහ සන්හිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා කියා සිටියා. ඒ මහතා මේ බව කියා […]


Aug
20

ජම්මු කාශ්මීර අර්බුදය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නරේන්ද්‍ර මෝදි දුරකථන සංවාදයක

Generic placeholder image

ජම්මු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 30 කට ආසන්න කාලයක් දුරකථන සංවාදයක නිරත වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. ඉන්දියාව සහ පකිස්ථානය අතර මතභේද දුරලා කලාපයේ සාමය ඇතිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පෙන්වා දී තිබෙනවා.


Aug
20

වැරදි තොරතුරු ප්‍රචාරය කළ ෆේස්බුක් සහ ට්විටර් ගිණූම් රැසක් අත්හිටුවයි

Generic placeholder image

හොංකොංහි දේශපාලන අසමගිය ඇතිකිරීම සදහා චීනයට පක්ෂපාතී වන ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කළ සිය ගිණූම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සහ ට්විටර් ආයතන තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම ගිණූම් සියල්ල ආරම්භ කර ඇත්තේ චීනයෙන් බවද එම ආයතනය පවසන අතර ඒ අනුව ට්විටර් ආයතනය විසින් ගිණුම් 936ක් ඉවත් කිරීම පියවර ගෙන ඇති අතර තවත් […]


Aug
20

රුසියාවෙන් අභ්‍යවකාශය ජය ගන්න සැරසෙන රොබෝවෙක්

Generic placeholder image

අභ්‍යවකාශය ජය ගැනීමට සැරසෙන රොබෝවෙක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එම රොබෝවා එළඹෙන අගෝස්තු 22 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. නුදුරේදීම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිත රොබෝවෙක් පිළිබඳව පුවත වාර්තා වන්නේ රුසියාවෙන්. ස්කයිබොට් එෆ් 850 (Skybot F-850) ලෙස නම්කර ඇති එම රෝබෝවාගේ දර්ශන රුසියානු […]


Aug
20

ට්‍රම්ප් සහ පාකිස්තාන අගමැති දුරකතන සංවාදයක

Generic placeholder image

කාශ්මීර් අර්බුධය සදහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ට‍්‍රම්ප් මේ බව සදහන් කර ඇත්තේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සමග දුරකතන සංවාදයකට එක්වෙමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට‍්‍රම්ප් සමග කල දුරකතන සංවාදයට ප‍්‍රතිචාරයක් වශයෙන් ඉම්රාන් ඛාන් ට‍්‍රම්ප් සමග දුරකතන සංවාදයකට එක්වු බවයි විදෙස් මාධ්‍ය […]


Aug
20

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ යැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා. අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා එම යොජනාව පාර්ලිමේන්තුවට […]


Aug
20

හිටපු යුධ හමුදාපති ජනරාල් ධුරයට උසස් කෙරේ

Generic placeholder image

හිටපු යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ජෙනරාල් ධූරයට උසස්කර තිබෙනවා. යුධ හමුදාව සඳහන් කළේ පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එම උසස්වීම ලබාදී ඇති බවයි. හිටපු යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් නව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත රාජකාරී භාර දීම අද සිදුකෙරුණා. එම […]


Aug
20

ලංකාවේ සියලු වනෝද්‍යාන දින දෙකක් වැසෙයි

Generic placeholder image

වනඅලි සමීක්‍ෂණය නිසා සැප්තැම්බර් මස 13 හා 14 යන දෙදින තුළ සියලු ජාතික වන උද්‍යාන වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.මේ නිසා එම දින දෙක තුළ ජාතික වන උද්‍යාන තුළ පිහිටි සංචාරක බංගලා වෙන්කරවා ගැනීමට නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසා සිටියා. යාල ජාතික වන උද්‍යානය හැර අනෙකුත් වන උද්‍යාන සියල්ල 15 වැනිදා විවෘත […]


Aug
20

හතුරුසිංහ අවසන් දිනයටත් පෙර කරුණු දක්වයි

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ චෝදනා පත්‍රයට ඒ මහතා පසුගිය සතියේ ලිඛිතව කරුණු දක්වා තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 7 වැනිදා චෝදනා පත්‍රයක් යොමු කළ අතර එයට දින 14 ක් තුළ කරුණු දැක්විය යුතුව තිබුණා. ඒ අනුව හෙට (21) දක්වා කරුණු දැක්වීමට කාලය […]


News Articles
Latest Videos
Most Popular Post