News Line| Off Air
Generic placeholder image

Jul
22

රජ කිරුළේ අනාගත උරුමකරු වන ජෝර්ජ් කුමරු හයවැනි උපන්දිනය සමරයි

Generic placeholder image

විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ පුතු ජෝර්ජ් කුමරු අද සිය හයවැනි උපන්දිනය සමරන බව වාර්තා වෙනවා.කුමරුන්ගේ හයවැනි උපන්දිනය නිමිත්තෙන් කෙන්සින්ටන් මාළිගය නිල ඡායාරූප කිහිපයක්ද ප්‍රසිද්ධියට පත් කර තිබෙන අතර ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස් කුමරු උපත ලැබුවේ 2013 වසරේ ජූලි 22වැනිදාය. අනතුරුව කේට් කුමරිය තවත් දරුවන් දෙදෙනෙකු බිහිකළ අතර ඔවුන් සමඟ ජෝර්ජ් කුමරු සිය සොහොයුරිය ෂාලට් […]


Jul
22

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන ඉහළට

Generic placeholder image

පසුගිය 2019.07.05 දින සිට අද(22) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් පොලිසිය විසින් දිවයින පුරා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා. ගෙවුණු පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 237 ක් පමණ අත්අඩංගුවට  පොලිසිය වැඩි දුරටත් පැවසුවා.


Jul
22

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනේ

Generic placeholder image

පසුගිය දා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව තුළ සිදුවු පහර දීමකට අදාළව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ යන සැකකරුවෙකු අද(22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු අද උදෑසන බෙලිඅත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. පසුගිය 2019 ජුලි මස 18 වන දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන සරත් ලොකුකුරුගේ නැමැත්තෙකුට මෙම පහර […]


Jul
22

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු අද කොටුවේ විරෝධතාවක

Generic placeholder image

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ වෙන විට විරෝධතාවයක නිරත වෙන බව වාර්තා වෙනවා.ඔවුන්ගේ චෝදනාව වන්නේ මිය ගිය රණවිරු බිරින්දෑවරුන්ට ලබා දෙන වැටු⁣පෙන් සියයට 25 ක මුදලක් රජය කපා හැර ඇති බවත් එම මුදල කපා හැරීම හේතුවෙන් එම පවුල්වල වියදම් දරා ගැනීමට නොහැකි වී ඇති බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩපණ වී ඇති […]


Jul
22

මුත්තයියා ගැන දකුණු ඉන්දියාවෙන් චිත්‍රපටයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි දග පන්දු යවන්නෙක් වුණු මුත්තයියා මුරලිදරන් පිළිබද කොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වීමට නියමිත බව දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මෙම චිත්‍රපටය ” 800″ ලෙස නම් කර ඇති අතර ඊට හේතු ලෙස සැලකෙන්නේ මුත්තයියා ටෙස්ට් තරග වල පිහිට වූ කඩුලු 800 අසම සම වාර්තාවයි. මෙම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට පණ පොවන්නේ කොලිවුඩයේ […]


Jul
22

සද ජය ගැනීමට ඉන්දියාව යළි සැරසේ

Generic placeholder image

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දැමීමට සිදුවූ චන්ද්‍රයාන්-2 මෙහෙයුම අද යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියාවේ චන්ද්‍රයාන්-2 යානය රැගත් ජී එස් එල් වී මාර්ක් ත්‍රී නැමති රොකට්ටුව , අද පස්වරුවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ , ශ්‍රිහාරිකොත දූපතේ පිහිටි සතිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාව විසින් චන්ද්‍රයා පිළිබඳව සිදුකරන මෙහෙයුම් සඳහා මෙම චන්ද්‍රයාන්-2 […]


Jul
22

පූජිත හා හේමසිරි අදත් අධිකරණය හමුවට පැමිණේ

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ වගකීමෙන් බැහැර වී සාපරාධි මනුෂ්‍යඝාතන සිදුකිරිමට අනුබල දීමේ චෝදනාව මත පවරා ඇති නඩුවට පෙනී සිටීම සදහායි.


Jul
22

භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ ගැන තමන් අතිශයින්ම කම්පා වන බව කාදිනල් හිමියන් කියයි

Generic placeholder image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තුන්මසක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සංවිධානය කර තිබු ආගමික උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කලේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බවයි. ඔවුන් වර්තමානයේ අනාගමික සංස්කෘතියකට අනුව කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බව උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන් අතර පාස්කු […]


Jul
22

රූමස්සල අනතුරට ලක් වූ නැවේ තෙල් ඉවත් කිරීම යළි තවදුරටත්

Generic placeholder image

රූමස්සල කඳු වැටිය ආසන්නයේ ගල් පර්වතයක හැපී සිරවී ඇති නෞකාවේ ඉන්ධන ඉවත් කර ගැනීමේ කටයුතු අද (22) දිනයේද සිදු කෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප‍්‍රකාශ කරනවා. ග්ලෝරි ටූ ගෝ ලෙස නම් කර ඇති අදාළ නෞකාව රූමස්සල කඳු වැටිය ආසන්නයේදී ඉන්ධන ටොන් 15 ක් සමග අනතුරට ලක්වුණේ ඉකුත් 18වැනිදායි. ඉකුත් […]


Jul
22

මුස්ලිම් කොංග්‍රසය අද අගමැති හමුවට

Generic placeholder image

ඊයේ (21) රැස්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය යළි අමාත්‍යධූර භාර නොගෙන ආණ්ඩුවට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.ඒ අනුව මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) දිනයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා. එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නැගෙනහිර පළාතේ මුස්ලිම් වැසියන් මුහුණ දෙන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සඳහා විසඳුම් ලබා ගැනීමටයි.


Jul
22

තැපැල් වර්ජනය තවදුරටත්

Generic placeholder image

බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (22) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි. මේ අතර […]


Jul
22

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුන්මේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇති විය හැකි බව දන්වා තිබෙන අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් […]


News Articles
Latest Videos
Most Popular Post