News Line| Off Air
Generic placeholder image

Jul
19

වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සදහා එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩක බෙන් ස්ටොක් නිර්දේශ වෙයි

Generic placeholder image

වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබෙනවා. ඉකුත් දා පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අහිමි කරමින් කුසලානය එංගලන්තයට දිනා දීමට බෙන් ස්ටොක් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. බෙන් ස්ටොක් යනු නවසීලන්තයේ ඉපිද පසුව සිය පවුල සමග බ්‍රිතාන්‍යයට […]


Jul
19

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට 500ක දෛනික දීමනාවක්

Generic placeholder image

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලුම සිසුන්ට රුපියල් 500ක දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරනය කර තිබෙනවා. 2017 වසරේදී ආරම්භ කෙරුණු වෘත්තීය විෂය ධාරාව මේ වනවිට පාසල් 310 ක සිදු කෙරෙනවා. ඒ යටතේ වෘත්තීය විෂයන් 26ක් හැදෑරීමට සිසු දරු දැරියන්ට අවස්ථාව දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා. සාමාන්‍ය පෙල සමත්, අසමත් භාවය නොසලකා […]


Jul
19

21 වනදා තෙක් ධීවර කටයුතු වලින් බැහැරව සිටින ලෙස කාළගුණයෙන් දැනුම් දෙයි

Generic placeholder image

අයහපත් කාළගුණය හේතුවෙන් මන්නාරම, පුත්තලම, කොලඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ලබන 21 වනදා තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80ත් 90ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර අද […]


Jul
19

01 වනදා සිට අලුත්වන අයි.සී.සී කි‍්‍රකට් නීති මෙන්න

Generic placeholder image

2014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසේවැදීමක් නිසා ඇතිවූ ආබාධයකින් ජීවිතයෙන් සමුගත්තා. ඉන්පසු හිස් ආවරණය හා ගෙල අතරට නව ආවරණයක් යෙදීමටද අයි.සී.සී.ය කටයුතු කළා. එමෙන්ම අයි.සී.සී ය මෙවන් අවස්ථාවක් උදා වූ විට ක්‍රීඩකයින් වෙනුවෙන් නවතම පියවරක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. එනම් අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී පන්දුව හිසේ වැදීම […]


Jul
19

ආහාර විෂ වීමකින් පුද්ගලයින් 24 ක් රෝහලේ

Generic placeholder image

ත්‍රිකුණාමලය – පුල්මුඩේ ප්‍රදේශයේ දී ඊයේ පැවති මංගල උත්සවයකදී ලබාදුන් ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු පුල්මුඬේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම පිරිස අතර වැඩිහිටියන් 17 දෙනෙකු සහ ළමයින් 7 දෙනෙකු ද වන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, ඔවුන් සියළු දෙනාම පුල්මුඬේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.


Jul
19

අගමැති විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැදවයි

Generic placeholder image

තිරිඟු පිටි මිල හදිසියේ රුපියල් 08 කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙලෙස මිල ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයන සමාගම් තීරණය කිරීම අසාධාරණ බවයි. මේ සම්බන්ධයෙන් ජීවන වියදම් […]


Jul
19

රෙඩ් බුල් කැම්පස් ක‍්‍රිකට් තරගාවලිය ලබන 21 සිට 28 වනදා දක්වා

Generic placeholder image

රෙඩ් බුල් කැම්පස් 2019 ක‍්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. සරසවි සිසුන් සඳහා සංවිධානය වන එකම ක‍්‍රිකට් තරගාවලිය වන රෙඞ් බුල් කැම්පස් 2019 සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 26 ක්. තරගාවලිය පැවැත්වෙන්නේ ඊඍක්‍ සහ කොල්ට්ස් ක‍්‍රීඩාංගණ වලදීයි. රෙඞ් බුල් කැම්පස් 2019 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ලෝක විශ්ව විද්‍යාල […]


Jul
19

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට ඇප

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකු අද ඇප මත මුදා හැරියා. නඩුව අද කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. එහිදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දස වන විත්තිකරු […]


Jul
19

උතුරු දුම්රිය මාර්ගයේ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් හෙට අවලංගුයි

Generic placeholder image

උතුරු දුම්රිය මාර්ගයේ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් හෙට අවලංගු කර තිබෙනවා. ඒ පොල්ගහවෙල පොතුහැර දුම්රිය හරස්මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. කොළඹ මඩකලපුව / කොළඹ තලේමන්නාරම/ කොළඹ කන්කසන්තුරය සහ කොළඹ ත‍්‍රීකුණාමලය යන දුම්රියන් මෙලෙස අවලංගු කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.  


Jul
19

ආපදා වලින් 04 දෙනෙකු මරුට – සැඩපහරට හසුව මියගියඅනෙක් දැරියෙගේ මල සිරුර ද සොයාගනී

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ ආගරපතන ගිනිගත්හේන හා තෙල්දෙණිය ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වු බවයි. ආගරපතන ප‍්‍රදේශයේ සැඩපහරට හසුව ගසාගෙන ගිය දැරියන් දෙදෙනාගෙන් අතුරුදන් වු අනෙක් දැරියෙගේ මල සිරුර ද සොයාගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ සැඩපහරට හසුවු ස්ථානයේ සිට කිලෝමීටරයක් […]


Jul
19

විදුහල්පති සේවයේ පුරප්පාඩු සදහා නව විදුහල්පතිවරුන් 1918 ක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියේ පවතින පුරප්පාඩු සදහා නව විදුහල්පතිවරුන් 1918 දෙනෙකු බදවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ සදහා වන සම්මුඛ පරීක්ෂණ ලබන 29 වනදා සිට ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය සදහන් කළේ. විදුහල්පතිවරුන් බදවා ගැනීමට අදාළව පැවැත්වු තරග විභාගයෙන් ඉහළින් සමත්වුවන් අතරින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට නියමිතයි. […]


Jul
19

ජනපතිගේ අත්‍යවශ්‍ය හේතුන් කිහිපයක් නිසා කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මන්ඩලය අද රැස් වනවා. කැබිනට් මණ්ඩලය රැස් වන්නේ සතියේ සෑම අගවරුවාදා දින වලදීයි. නමුත් ජනාධිපතිතුමාගේ අත්‍යාවශය රාජකාරී කිහිපයක් හේතුවෙන් අමාත්‍ය මන්ඩල රැස්වීම අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද කැබිනට් මන්ඩලයේ දී තැපැල් සේවකයින්ගේ ගැටලූ පිළිබදව ද සාකච්ඡා කරන බව තැපැල් සේවා අමාත්‍ය ඒ .එච් .එම් හලීම් මහතා […]


News Articles
Latest Videos
Most Popular Post