News Line| Off Air
Generic placeholder image

Jul
5

චීන භාණ්ඩ මෙහි නිපදවා ඇමරිකාවට අපනයනය කිරීමට සූදානමක්

Generic placeholder image

ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධයේ බලපෑම අවම කරලීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු සිදුකරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම බීජිං නුවර පැවති ආයෝජන හමුවකදී මේ බව ප්‍රකාශ කළ බවට සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පත සඳහන් කළා. ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් ප්‍රමුඛතා තීරු […]


Jul
5

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනා වහාම අත් අඩංගුවට ගන්නැයි නිතිපති වැඩ බලන පොලිස්පතිට දන්වයි

Generic placeholder image

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සදහා අවසර ලබාදීම හේතුවෙන් රජයට කෝටි 1140 ක් පාඩුවක් කලේ යැයි ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනාට එරෙහිව නඩු පවරා තිබෙන අතර එ අනුව ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනාවහාම අත් අඩංගුවට ගත් යුතු බවට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දි ඇති බව වාර්තා වෙනවා.


Jul
5

අධ්‍යාපනයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ පසුගිය වසර පහේ බව ජනපති කියයි

Generic placeholder image

අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් වැඩියෙන්ම සැලසූ කාලසීමාව පසුගිය වසර 5 බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා. පොළොන්නරුව – කවුඩුල්ල මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින්නා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.


Jul
5

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Generic placeholder image

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා අත්හිටුවමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට තීරණය කර ඇති බව සදහන්.


Jul
5

වෛද්‍ය සාෆිට වඳ සැත්කම් සිදු කළ බවට එල්ල වූ චෝදනා අතුරු වාර්තාවෙන් තහවුරු වෙයි

Generic placeholder image

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය, සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් ලැබී ඇතිි පැමිණීලි පිළිබඳ කෙරුණු මූලික් විමර්ශනයේ අතුරු වාර්තාවක් එම රෝහලේ අධක්‍ෂවරයා විසින් අධිකරණය වෙත භාර දී තිබෙනවා. ඒ අනුව මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් 4372ක් සහ සාමාන්‍ය දරු ප‍්‍රසූති 79ක් සිදු කර ඇති අතර අදාළ මව්වරුන් කළ පැමිණිලි […]


Jul
5

මෝදි රජයේ පළමු අයවැය පාර්ලිමේන්තුවට

Generic placeholder image

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ පළමු අයවැය යෝජනාවලිය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා ඒ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින්. ඉන්දිරා ගාන්ධිගෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය ධුරයට පත්වූ දෙවන කාන්තාව ඇයයි. පෙරවරු 11 00 ට අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. 2019 වසර සදහා වන ඉන්දීය ආර්ථික සමීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඊයේ දිනයේ දීයි. […]


Jul
5

බදියුදීන්ගේ වත්කම් ප‍්‍රකාශයක් කැදවයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස රාජ්‍ය ආයතන වල සිදුවු වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත්තේ වගකිවයුතු නිළධාරියෙක් හරහා එම ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙයසි. රිෂාඞ් බදියුදීන් මහතා අයථා ලෙස ලේඛණ සකසා මන්නාරම ප‍්‍රදේශයේ අක්කර 3000 ක් මිළදී ගැනිමේ සිද්ධියක් පිළිබදව […]


Jul
5

රෝගී තත්වයක් හේතුවෙන් පාසල් සිසුන් 8ක් රෝහලට

Generic placeholder image

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් හත් දෙනෙකු සහ එක් සිසුවෙකු හදිසියේ ඇති වු ස්වසන අපහසුතාවයක් සහ කැස්ස යන රෝග ලක්ෂණ නිසා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අද(05) ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා. අද උදැසන පාසල් පැවැත්වෙන අතුරතුර එක් සිසුවියකට හදිසියේ රෝගාතුර වු […]


Jul
5

පොලිස් නිළධාරීන්ට පහර දී රිවෝල්වරයක් පැහැර ගනී

Generic placeholder image

මඩකලපුව, පුදූර් ප‍්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී එක් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියැදුරු බලපත‍්‍ර නොමැතිව යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේ දීයි. අනතුරුව එම පුද්ගලයින් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන යන අතරතුර […]


Jul
5

වහබ්අන්තවාදයට එරෙහිව මුස්ලිම් ජනතාව ජන්දය දිය යුතු බව විමල් කියයි

Generic placeholder image

ඉදිරි ආණ්ඩුවකදී කිසිඳු මුස්ලිම් වැසියෙකුට හානියක් සිදුවීමට ඉඩ නොතබන බවත් වහබ් අන්තවාදය රැක ගනිමින්, මුස්ලිම් වැසියන් සමාජයෙන් කොන් කළ වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරි මැතිවරණයේදී ඔවුන් තීන්දුවක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා. නුගේගොඩ ඊයේ පැවැති වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළිය අමතමින් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා. එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල […]


Jul
5

අද ක්‍රියත්මක නොවූ ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සදුඳා ක්‍රියාත්මකයි

Generic placeholder image

බිඳ වැටී ඇති පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් අද දිනයේ ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව එහි කොමසාරිස් ජනරාල් වියානා ගුණතිලක මහතා සඳහන් කළා. කෙසේවෙතත් දෙපාර්තමේන්තුවේ අනෙක් සේවා කටයුතු සාමාන්‍ය පරිදි අද දිනයේ සිදුවන අතර […]


Jul
5

එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට

Generic placeholder image

වව්නියාව,පට්ටකාඩු ප්‍රදේශයේදී අද(05) අලුයම ගව මඩුවක හටගත් ගින්නකට හසුවීමෙන් එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම 1.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී ගින්න නිවීමට උත්සහ කළද පැවති වියළි කාළගුණ තත්ත්වය හමුවේ ගින්න පැතිර ගොස් ඇති අතර එළදෙනක් හා වසු පැටියෙකු මෙලෙස ගින්නට හසුව පිළිස්සි ජිවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. තවත් […]


News Articles
Latest Videos
Most Popular Post