මීරිගම, කීනදෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී මත්පැන් පානය කළ පුද්ගලයින් පිරිසක් අතරින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු රෝහල්ගතකර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් වන අතර ඔවුන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයේදී ඔවුන් තවත් පිරිසක් සමග එක්ව මත්පැන් පානයකර ඇති බවයි. එහිදී එම පිරිසෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා […]
ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් අයෙක් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්. ඇය මියගොස් ඇත්තේ පසුගිය 11 වැනිදා වන අතර කොරෝනා වෙෙරසය ආසාදනය වීමත් සමග අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදායබාධයක් ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා. එමෙන්ම මිය […]
අද දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඉන් ආසාදිතයින් 302ක් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසද, අනෙක් ආසාදිතයින් 54 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ලොවපුරා ගූගල් සේවා තාවකාලිකව බිඳවැටී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව යූ ටියුබ්, ජී මේල්, ගූගල් ඩ්‍රයිව් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් කිහිපයක් බිඳවැටී තිබු අතර එසේවීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව සදහන්.
කොරෝනා වෛරසය ව්‍යප්ත වීම පාලනය කිරීම සැලකිල්ල ගෙන වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ලබන බදාදා සිට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි සදහන් වන්නේ. […]
අද LPL තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් හා දඹුල්ල වයිකින් කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරගයට දඹුල්ල කණ්ඩායම කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන චමිල ගමගේ මහතාගේ පියාගේ අභාවයට ශෝකය පළ කිරීමට මෙලෙස කටයුතු කරන බව එහි සඳහන් වෙයි
මෙවර නත්තල් කාලයට ජර්මනියට දැඩි සංචරණ සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.ඒ වාර්තා ගත ලෙස එරට කොරෝනා ආසාදිතයින් හා කොරෝනා අසාදනයෙන් මිය යන පිරිස වැඩි වීමත් සමගයි. ඒ අනුව දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 10 වැනිදා දක්වා එනම් , බදාදා දිනයේ සිට දැඩි සංචරණ සීමා පනවා තිබෙන ප්‍රදේශ වල වෙළෙඳසැළවල් සහ පාසල් වසා දැමීමට […]
ඇති හැකි අයගෙන් අරගෙන නැති බැරි අයට දී ඇති හැකි අයත් නැති බැරි අය කරපු රොබින්හුඩ්.. අහන්න.. “හඳෙත් අහන අංක එකේ රේඩියෝ ඩබල” දිනපතා උදෑසන 7 සිට 10 දක්වා සියත FM Morning Show 98.2න් සහ 98.4න්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහායි. මේ අතර ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙටින් අවසන් වීමට නියමිත බව ඊයේ නිවේදනය කෙරුණා. එහි වාර්තාව සකසමින් පවතින බවත් එම කටයුතු අවසන් වීමෙන් පසු අදාළ […]
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ගොනුකර ඇති රිට් පෙත්සම අද සළකා බැලුණා. ඒම අවස්ථාවේදී එහි වගඋත්තරකාරියක ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අමාත්‍යවරිය […]
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාගේ පියා වන, අභාවප්‍රාප්ත ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී අවසන් ගෞරව දැක්වූවා. කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩන්ස්ටන් ජයසූරිය මහතා ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 80ක්. මාතර පිහිටි නිවසට ඊයේ පස්වරුවේ දේහය රැගෙන ඒමෙන් අනතුරුව ක්‍රීඩකයින්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් […]
කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ මුළු ගණන 24,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 24,309ක් ලෙසයි. මේ අතර තවත් ආසාදිතයින් 8,329 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 32,790ක් […]