අද උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 373දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ, දේශීයව පුද්ගලයින් 369දෙනෙක් සහ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු වශයෙන් එලෙස හඳුනාගත් බවයි. කුරුණෑගල ප්‍රදේශයෙන් ආසාදිතයින් 226 දෙනෙක්, ත්‍රිකුණාමලයෙන් ආසාදිතයින් 10ක් සහ මොණරාගලින් ආසාදිතයින් 8ක් එම ආසාදිතයින් අතරට […]
කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර හිමි නොවේ. බන්ධනාගාර ආශ්රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 92දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පැලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 369ක්. එමෙන්ම දිවලුපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 12,227ක් ලෙසයි.
හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝණය කළ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවයි. හුදෙකලාකර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පුද්ගලයින් ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුල්වරට දැනුම් දුන්නේ අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදීයි. අද පස්වරුවේ […]
නව කොරෝනා ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් පෑලිගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 12,135ක් ලෙසයි.
මෙම සති අන්තයේ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පැවසුවේ, නොවැම්බර් මස 16 වැනි සඳුදා සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි. සියලු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් එදින දුම්රිය ධාවනය කරන බව ද ඔහු පැවසුවා.
බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදීයි. ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් 8 දෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 48 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල්වරයා තහවුරු කළා. ඔවුන් දෙදෙනා කොළඹ 12 සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, තමා මුදල් අමාත්‍යවරයා ලෙස 11 වන වරටත් විසර්ජන පනත් කෙටුම්පතක් විවාදය සදහා යොමු කරන බවයි. ජනාධිපතිරණයෙන් […]
ශ්‍රී ලංකා යුද හමුදාව අද ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කළා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස ආරම්භ වුණේ, නියමුවන් රහිත ගුවන් යානා රෙජිමේන්තුවක්. යුද හමුදාපතිවරයා පැවසුවේ, භූමියේ කටයුතු නිරීක්ෂණය සඳහා නව රෙජිමේන්තුවේ සහය ලබා ගැනීම අපේක්ෂාව බවයි. එමෙන්ම ආපදා කටයුතු නිරීක්ෂණය සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ද ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගන්නා බව ඔහු […]
පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ගෙල සිරකර මරා දමා සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙන බව පොලොන්නරුව පොලීසිය සදහන් කරනවා. මේ පිලිබදව සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මිය ගිය මෙම 41 හැවිරිදි කාන්තාව 25 හැවිදිරිතරුණයෙකු සමග මෙම හෝටල් කාමරයට ඊට පෙර දින පැමිණ ඇති බවත් එහිදී අදාල තරුණයා විසින් මෙම කාන්තාව ගෙළ […]
පසුගිය වසරේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තයින් පිරිස ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් එහි සටන් කර ආපසු මෙරටට පැමිණි පිරිසක් බවත් එලෙස ආපසු පැමිණි ත්‍රස්තයින් එදින එම ප්‍රහාරය එල්ල කළ බවත් ඇමරිකාවේ ජේම්ස් මවුප් ආයතනය අනාවරණය කරනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ, ප්‍රහාරයට සම්බන්ධ දෙහිවල බෝම්බකරු ද ශී‍්‍ර ලංකාවේ සිට තුර්කියට ගොස් ආපසු […]