News Line| Off Air
Generic placeholder image

Jul
26

මත් ද්‍රවය ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරයි

Generic placeholder image

පුත්තලම අයිස් මත් ද්‍රවය ජාවාරම පිලිබදව අත් අඩංගුවට ගත් සුරාබදු පරීක්ෂක වරයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. ඔහු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අදාල සුරාබදු පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම ප්‍රදේශයේදී.. 39 හැවිරිදි ඔහු සුරාබදු දෙපාර්තුමේන්තුවට අනුයුකත්ව සේවය කල කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගේ වැඩ තහනම් […]


Jul
26

ඇමෙරිකා චීන මත ගැටුම් උස්සන්න වෙයි

Generic placeholder image

නිරිතදිග චීන නගරයක් වන චෙන්ඩු ප්‍රදේශයේ පිහිටා ඇති ඇමරිකා කොන්සල් කාර්යාලයේ බලධාරීන් ආරක්ෂාව තර කර තිබෙනවා. එහි සේවය කල නිලධාරීන් ඇමෙරිකාව වෙත පිටත් වීම සදහා සුදානමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කලේ. ඇමෙරිකා හුස්ටන් හි පිහිටි චීන කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාව කල නියෝගයකට ප්‍රතිචාර වශයෙන් චෙන්ඩු ඇමෙරිකා කොන්සල් කාර්යාලය වසා දමන ලෙස චීනය නියෝග […]


Jul
26

හෙට රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි ඇරඹෙයි

Generic placeholder image

හෙට සිට රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම ඉදිරි මහ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 සිට 31 වැනි දා දක්වා දිනයන්හි පාසලේ රැඳී […]


Jul
26

බෙදා හැරීමේ විශේෂ දිනයක් අද

Generic placeholder image

මහ මැතිවරණයේ නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ ලෙස අද නම් කර තිබෙනවා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගනමය කරමින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකා කටයුතු ක්‍රියාත්මකයි. බෙදීම් කටයුතු සදහා දිවයින පුරා බෙදීම් තැපැල් කාර්යාල 2200 ක් විවෘත කර තිබෙනවා. ඒ සදහා අනියුක්ත කර ඇති බෙදා හැරීමේ ගණන 7500ක්. නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට තැපැල් කාර්යාල වෙත ගොස් […]


Jul
26

අද කාලගුණය

Generic placeholder image

අද දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් වයඹ පළාතේ ද සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි […]


Jul
25

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය අදින් ඇරඹේ

Generic placeholder image

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද විථී සංචාරය කෙරේ. එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැඳැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ නැත. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා සඳහන් කළේ, අද සිට මේ මස 29 දා දක්වා අභ්‍යන්තර පෙරහර 5 ක් ලෙස චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර […]


Jul
25

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි හැට ලක්ෂය අභියස

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනයෙන් මේ වන විට ලොව පුරා වාර්තා වන ආසාදිත ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය සටහන් වන්නේ එක් කෝටි පනස් අට ලක්ෂ අසුහය දහස් පන්සීය තිස් දෙකක් ලෙසයි. වාර්තා වන මරණ ගණන 642,562 ක්. ඊයේ දිනය තුල පමණක් ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන 9753 ක්.


Jul
25

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2764 ක් දක්වා ඉහලට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2764 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 11 ත් සමගයි. ඔවුන් අතරින් 09 දෙනෙක් මත් ද්‍රවය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැදවියන්. අනෙක් අසාදිතයා එම මධ්‍යස්ථානයේ ආසදිතයගේ ආශ්‍රිතයෙක්..


Jul
25

වරාය වෘත්තීය සමිති වලින් රතු එළියක්

Generic placeholder image

කොලඹ වාරයේ නැගෙනහිර පර්යන්තයේ පුද්ගලීකරණය කිරීමේ ගැටලුවලට පැය 24 ක් ඇතුලත විසදුම් නොලැබුනත් තම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව වාරය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන වාරය වෘත්තීය සමිති සේවකයින් පවසනවා. මේ පිලිබදව ජනපති දැනුවත් කර විසදුමකින් බලාපොරොත්තුවෙන් ඊයේ සවස ඔවුන් ජනපති කාර්යාලය වෙත විරෝධතා පෙළපාලියක් සංවිධානය කළා. ඉන් පසු ජනපති සහකාර ලේකම්වරයෙක් සමග කතිකාවක් පැවැත්වූ බවයි […]


Jul
25

මාස 04 කට පසු වොෂින්ටන් සත්වෝද්‍යානය විවෘත කිරීමට අවසර

Generic placeholder image

ඇමෙරිකාවේ වොෂින්ටන් ජාතික සත්වෝද්‍යානය මාස 04 කට පසු විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. සත්වෝද්‍යානය නැරඹිමට එන පුද්ගලයින් කල් වේලා ඇතිව ටිකට් පත් වෙන් කරවා ගැනීම සිදු කල යුතු බවත් එය තුලට එක් වරකදී ඇතුළු කර ගන්නා පුද්ගලයින් ගණන සීමා කිරීමට හා සත්වෝද්‍යානය පැමිණෙන සෑම දෙනාම මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කර තිබෙනවා. කෙසේ වෙතත් […]


Jul
25

කොරෝනා අරමුදලෙන් PCR පරීක්ෂණ සදහා මිලියන 36 ක්

Generic placeholder image

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබෙනවා. අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී […]


Jul
25

තැපැල් ජන්දය සලකුණු කිරීම අදත්

Generic placeholder image

තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වූ ජන්ද හිමියන්ට අද දිනයේදී ද ඒ සදහා යලිත් අවස්ථාව ලබා දී තිබෙනවා. අද පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා ජන්දය සලකුණු කිරීමට අවස්ථව හිමිවනු ඇති. තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ජන්දය සලකුණු කල හැකිය. ඊයේ පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වාද ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා […]


News Articles
Latest Videos
Most Popular Post