News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

මහ බැංකු අධිපතිධූරය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබෙනවා. ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව අප වෙත වාර්තා වෙනවා. 1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී […]


Dec
24

ක්‍රිකට් ක්‍රීඩාවෙන් චාමර කපුගෙදර විශ්‍රාම යන්නට තීරණය කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 32 හැවැරිදි චාමර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී හා විස්සයි20 තරග 43කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් […]


Dec
24

ෆින්ලන්තයට දර්ශනය වුණු උතුරු එළි

Generic placeholder image

ෆින්ලන්තයේ ලැප්ලෑන්ඩ් ප්‍රදේශයට අවස්ථා ගණනාවකදී උතුරු එළි දර්ශනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය දැකගැනීම සඳහා සංචාරකයන් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා. හිරුගෙන් නිකුත් වන විද්‍යුත් ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඇති අංශු එකතුවීමෙන් මෙම උතුරු එලි නිර්මාණය වන බව පරිසරවේදියෝ සදහන් කරනව.


Dec
24

පාඨලීගේ රියදුරු ලබන 6 දා දක්වා රිමාන්ඩ්

Generic placeholder image

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට නියමිතව සිටි සැකකරුවකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් වුණා. ඒ අනුව අදාළ සැකකරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලා. […]


Dec
24

කොළඹ කොටුව – බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියක්

Generic placeholder image

කොළඹ, කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී.පත්මලාල් මහතා සඳහන් කළේ, එම දුම්රිය අද දිනයේ මෙන්ම ලබන සිකුරාදා සහ ඉරිදා යන දිනවල ධාවනය වීමට නියමිත බවයි. පාසල් නිවාඩු හා එළැඹෙන නත්තල් නිවාඩුව සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතැයි ඔහු ප්‍රකාශ […]


Dec
24

ත්‍රිරෝද රථ ගාස්තු ලබන 1 වැනිදා සිට පහළට

Generic placeholder image

රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රිරෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරනවා. මේ අනුව පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල 50 දක්වාත්, දෙවන කිලෝමීටරයත් ඇතුලත්ව, එතැන් සිට කිලෝමීටරයකට අය කරන රුපියල් […]


Dec
24

හිටපු අමාත්‍ය පාඨලීට ඇප

Generic placeholder image

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24දා) නියෝග කලා


Dec
24

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන දිවියෙන් සමුගනී

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්තවී වී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළා. 2016 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඒ මහතා රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙයි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලැබූ ඒ මහතා 2013 සහ 2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස […]


Dec
24

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද උත්සව සමයට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව එහි කාලසටහන් හා සැලසුම් කළමනාකාර රජීව දිලුක්ෂ නිමලසේන මහතා සඳහන් කළා. ඒ අනුව දෙසැම්බර් මස 21 වන දින සිට 2020 ජනාවරි මස 1 වන දින දක්වා මෙම බස් රථ සේවය ආරම්භ කර තිබෙන අතර උත්සව සමය වෙනුවෙන් රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ […]


Dec
24

පාඨලීට අද ඇප ලැබෙයිද?

Generic placeholder image

රාජගිරිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට ඇප ලබා දෙනවද යන්න පිලිබදව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද දැනුම්දීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මිට පෙරද ඇප ලබා දෙන ලෙස මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුනද එහිදී අධිකරණය දැනුම් දුන්නේ ඇප ඉල්ලීමට අදාල නියෝගය […]


Dec
24

වැස්ස අඩු වෙයි

Generic placeholder image

දිවයින පුරා පවතින වැසි තත්වය අඩු වීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් දැඩි මිදුම් සහගත තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Dec
23

කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

Generic placeholder image

නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව පල්ලිවාසල්පාඩු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා. ඊයේ (22) සිදු කළ වැටලීමකදි මෙම කේරළ ගංජා සමඟ මෙම පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර මොහු වයස අවුරුදු 44 ක් වන කොන්තන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්. එමෙන්ම එම පුද්ගලයා සහ […]


News Articles
Latest Videos
Most Popular Post