News Line| Off Air
Generic placeholder image

Dec
23

හිටපු අමාත්‍ය රාජිත අදත් අධිකරණය හමුවට

Generic placeholder image

අන්දොලාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පිලිබදව තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද දිනයේදි විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. ඒ මහතා ගොනු කළ පළමු අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා ප්‍රතික්ෂේප කරනු […]


Dec
23

නත්තල් දින දිවයිනේ පුරා සියලු සුරා සැල් වැසෙයි

Generic placeholder image

මේ 25 වන දින දිවයින පුරා සියලු සුරා සැල් වසා දැමෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර තිබෙනවා. මෙම කොන්දේසි කඩන වෙළෙදුන්ට එරහිව නීත්‍යානුකූල පියවර ගැනීමටත් සියලු සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර […]


Dec
23

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

Generic placeholder image

අද පාර්ලිමේන්තුවේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත් වීමට නියමිත බව වාර්තා වෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කල අතර ඒ අනුව ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා තිබෙන බව වාර්තා වෙනවා.


Dec
23

දක්ෂිණ අධිවේගයේ ගමනාන්ත 2ක බස් ගාස්තු පහලට

Generic placeholder image

දක්ෂිණ අධිවේගයේ මීගමු⁣ව – ගාල්ල සහ මීගමුව – මාතර අතර බස් ගාස්තු පහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මීගමුව සිට මාතර දක්වා රුපියල් 720 ක් වූ බස් ගාස්තුව රුපියල් 700 ක් වන අතර මීගමුව සිට ගාල්ල දක්වා වූ දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තුව රුපියල් 630 සිට 600 දක්වා මෙලෙස අඩු […]


Dec
23

කථානායකවරයා සහ එජාප මන්තී‍්‍රවරුන් පිරිසක් අතර අද හමුවක්

Generic placeholder image

කථානායකවරයාගේ දැනුම්දීම මත අද එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් කථානායක කරු ජයසූරිය මහතා හමු වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Dec
23

තද වැසි තවදුරටත්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ ගණනාවකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌවපළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Dec
22

තම දියණිය විවාහ කර ගන්න ඉරාන පියවරුන්ට එරට නීතියෙන් අවසර

Generic placeholder image

ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. කෙසේ වෙතත් මත භේදාත්මක නිතිය පිලිබදව අවසාන තීන්දුව ඉරාන කැපකරු සභාව විසින් සම්මත කල යුතු වන අතර එය […]


Dec
22

දුන්හිද දියඇල්ලට ඇතුළු වන මාර්ගය යළි විවෘත කෙරේ

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයේ අනාරක්ෂිත තත්වය සලකා බලා වසා දැමුණු දුන්හිද මාර්ගය අද උදැසන සිට නැවතත් විවෘත කරන බව ආපදා කළමණාකරණ අමාත්‍යංශය සදහන් කරනවා. ඒ ජාතික ගොඩනැගිලි පරේයෙෂණ ආයතනයේ නිලධාරින් කළ පරීක්ෂාවකින් අනතුරුවයි.


Dec
22

මහ මැතිවරණය අප්‍රේල් මස අවසානයෙදී?

Generic placeholder image

වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ අප්‍රේල් මස අග මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ පාර්ලිමේන්තුව මාර්තු 3 දා විසුරුවා හැරීමට කටයුතු කරන බවත් මහ මැතිවරණයේදී අන්තවාදි කුඩා පක්ෂවලට හසු නොවී තනි […]


Dec
22

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවට ලබන මාසයේදී තිත

Generic placeholder image

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙනවා. මේ සදහා මේ වන විට සියලු කටයුතු සුදානම් බවයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සදහන් කරන්නේ. ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීම ලබන මාසය තුළ බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.


Dec
22

කැන්බරා අගනුවරට ළගා වෙන ලැව්ගිනි

Generic placeholder image

ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා අගනුවරට මේ වන විට ලැව්ගිනි සමීප වෙමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ පවතින ලැව්ගිනි වලින් දුමාරය කැන්බරා අගනුවරට බොහෝ බලපෑම් එල්ල කර ඇති බවයි. මේ ලැව්ගිනි හේතුවෙන් මේ වන විට වීනාශයට පත්ව ඇති නිවාස ගණන 700 ක් පමණ වන අතර ගින්නට හසුව පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර හෙක්ටයාර […]


Dec
22

කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කරයි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ ගණනාවකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට තද වැසි අපේක්ෂා කරන බවත් ඇතැම් දිස්ත්‍රික්ක වලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post