News Line| Off Air
Generic placeholder image

Dec
15

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු තරුණයන් 15ක් පොලිස් දැලේ

Generic placeholder image

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනා චාරිකාවේ නිරතවූ තරුණයන් 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මොවුන් වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන්නන් බව වාර්තා වුණා. ඔවුන් සතුව කේරළ ගංජා, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බව පොලීසිය ප්‍රකාශ කළ අතර […]


Dec
15

ලෝක රූ රැජින කිරුළු ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං ට

Generic placeholder image

ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලැබුවා. එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඊයේ පැවති ලෝක රූ රැජින තරගයේ අවසන් වටයේදී දෙවන තැන හිමිවූයේ ප්‍රංශයේ ඕෆ්ලි මෙසිනෝටයි. ජයග්‍රාහී ටෝනි ඈන් සිං 23 හැවිරිදි සරසවි සිසුවියක වන අතර, ඇය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව හදාරනු ලබනවා. වෛද්‍යවරියක් වීම තම අපේක්ෂාව බව ඇය සඳහන් […]


Dec
15

ඉදිරි මැතිවරණයට තරග වදින ලකුණ ගැන ගැටළුවක් නෑ – අමරවීර

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයෙදී තරග වැදීමට තීරණය කර ඇති ලකුණ පිලිබදව සිය පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ගැටළුවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරනවා. ඒ අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිලිබදව අවසාන තීරණය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කතිකා කර ගන්නා බවයි වාර්තා වන්නේ.


Dec
15

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

Generic placeholder image

පසුගිය මහ මැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම මැතිවරණයේදී ජය ගනු ලැබුවා. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. ජනපති එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරගේ මෙම ජයග්‍රහණය ජාති හිතෛශී රජයන් කෙරෙහි ගෝලීයව පවතින […]


Dec
15

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Dec
14

පළාත් කිහිපයකට අදත් වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එසේම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සිහින් වැසිවාර ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයින් එක්ලක්ෂ […]


Dec
14

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්ෂණයක්

Generic placeholder image

ඉදිරි උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම කාල සීමාව තුළ දිවයින පුරා සිදුවිය හැකි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව අදාළ වැටලීම් උඳුවප් […]


Dec
14

සුනඛ සුරතලුන් වෙනුවෙන් අපූරු සැණකෙළියක්

Generic placeholder image

සුනඛ සුරතලුන් වෙනුවෙන් වෙන් වූ අපූරු සැණකෙළියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. කබා, මුහුණු ආවරණ සහ ක්‍රීඩා ඇදුමින් සැරසුණු සුනඛයන් එක්වූ මෙම අපූරු සැණකෙලිය පිලිබද පුවත වාර්තා වන්නේ නයිජීරියාවෙන්. ලාගෝස් සුනඛ සැණකෙලිය ලෙසින් සංවිධානය වූ මෙම උත්සවය එහි පළමු වරට පැවැත්වූ අතර තමන් වෙනුවෙන් ම වෙන්වූ මෙම සාදය සදහා සුනඛයන් එක්ව සිටියේ සිය හිමිකරුවන්ද […]


Dec
14

බොරිස් ජොන්සන්ට ජනපති ගෝඨාභයගෙන් සුභ පැතුම්

Generic placeholder image

මහා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ජයගත් කොන්සර්වටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පිරිනමා තිඛෙනවා. මෙම ජයග්‍රහණයෙන් තවදූරටත් තහවුරු කරන්නෙ දේශීයත්වය මත පදනම් වු පාලනයක් කෙරෙහි ලෝකයේ ඇති නව නැඹුරුතාවය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සදහන් කළා.


Dec
14

ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

Generic placeholder image

ගෙවීගිය ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළා. වසරේ මේ දක්වා කාලය තුළ 90,000කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති අතර ඉන් 100 දෙනෙකු පමණ මරණයට පත්ව තිබෙනවා. වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිරල දකුණ, සබරගමුව සහ […]


Dec
14

ගොත අසංකගේ සහයකයෙක් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගොත අසංක නැමැත්තාගේ සහයකයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් 11කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී දොම්පේ, මල්වාන ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව සදහන්. සැකකරු රණාල නවගමුව සහ කඩුවෙල යන ප්‍රදේශවල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බව අනාවරණය […]


Dec
14

කොළඹට අද රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට අද රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම කාලසීමාව තුළ කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම, මෙම කාලසීමාව තුළදී කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් […]


News Articles
Latest Videos
Most Popular Post