විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මන්නාරම රදගුරු මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ මන්නාරම රදගුරු නිවසේදීය. මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත මේ වන විට දුර්ලභ කාලගුණික විපර්යාසයක් නිසා හැමදෙනාගේම අවධානය දිනාගෙන තිබෙනවා. හයිලුඔටෝ දුපතේ වෙරල තිරයේ සුළගේ සහ ජලයේ බලපෑමෙන් දුර්ලභ ලෙස බිත්තර හැඩති අයිස් බෝල බවට පත්ව තිබෙනවා. ඒ අනුව මෙම වෙරල තිරයේ මෙම සිදුවීම මීටර් 30 ක් පමණ ප්‍රදේශයට පැතිර ගොස් තිබෙන බව එම පිදුම සහගත සිදුවීම ඇසින් දුටුවන් සදහන් කරනවා. […]
ඊයේ රාත්‍රියේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ගින්නක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබු යතුරු පැදි 47 ක් පමණ විනාශයට පත්ව තිබෙන බව වෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ඒ සම්බන්දයෙන් පරීක්ෂණ ක්‍රියාත්මයි.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැගී විරෝධතාවක නිරත වන සිරකරුවන් දෙදෙනෙක් පිලිබදව වාර්තා වෙනවා. අද උදැසන මෙලෙස මොවුන් දෙදෙනා විරෝධතාවයක නිරත වෙන බවයි පැවසෙන්නේ.
පසුගිය දා නායයෑම් හේතුවෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පස් හා ගල් කඩා වැටීමෙන් මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ල වුණා. කෙසේ වෙතත් මේ වන විට එම කඩාවැටුණු ගස් ගල් බොහෝ දුරට මාර්ගයෙන් ඉවත් කර ඇති අතර ඒ අනුව මේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තිරුවක් ධාවනට විවෘත කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා තෝරන ජනපතිවරණයට ඇත්තේ තව දින 05 ක කාලයක් පමණි. මේ වන විට සියලු දේශපාලන පක්ෂ තම මැතවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරේ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව ලබන 13 වෙනිදායින් පසු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ජනපති […]
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කථානායක කරු ජයසුරිය මහතා අද විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ අද පෙරවරු 11.30 ටයි. මේ පිලිබදව අදහස් දක්වමින් සභා නායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කලේ මෙහිදී ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සදහා වූ නව කෙටුම්පතක් විවාදයට ගැනෙන බවයි.
දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ තද තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන්. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ සිදුවන අකුණු අනතුරු අවම […]
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 03 දෙනෙක් අද නාවික හමුදා බාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මොවුන් පිලිබදව වැඩිදුර විමර්ශන කටයුතු සදහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිත බව නාවික හමුදාව පවසනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ඊයේ විදුලිය විසන්ධි වීමකට ලක් වුණා. ඒ හෝරා අඩකට ආසන්න කාලයක් මෙම විදුලිය විසන්ධි වීම තිබු අතර එහිදී ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට දැඩි ලෙස බාධා පැමිණ තිබුණා. කෙසේ වතත් ඉතා ඉක්මනින් අදාල විදුලිය විසන්ධි වීම යථා තත්වයට පත් කිරීමට කටයුතු කල අතර මෙයට හේතුව මේ වන විට සොයාගෙන තිබෙන බව ගුවන් […]
කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මෙයට හේතු ලෙස සදහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට තහවුරු කරන ලෙස ඉල්ලමින්ය.
ඉදිරි ජනපතිවරණය හේතුකොටගෙන තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා සදහන් කරනවා. මේ වන විටලක්ෂ 03 අධික නිකුත් කර ඇති තාවකාලික හැදුනුම්පත් හෙට සිට අදාල ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවද එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.