මතුව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා රජය අනුගමනය කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද(29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මහජනතාව වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කලේ ”නීති විරෝධී ලෙස” විදුලිය කප්පාදුවක් සිදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩුවක් ගොනු කෙරෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බවයි. ඒ සඳහා […]
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 10 වැනි “යොවුන්පුරය 2019” ගරු වරාය නාවුක කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) හම්බන්තොට, වීරවිල පශු සම්පත් […]
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. පසුගිය දා මාකඳුරේ මධූෂ් සමඟ සාදයකට සහභාගීව සිටියදී අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව […]
කාසල්රි ජලාශයේ ජල මට්ටම පහත වැටිමත් සමග ජලාශයේ අනවසර මැණික් ජාවාරම්කරුවන්ගේ පරාදිසයක් බවට පත් වි ඇති බව එම ජලාශයේ ධිවරයන් පවසයි. ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල වැටිමත් සමග මතු වි ඇති දුපත් වල රාත්‍රි කාලයේ විශාල වලවල් හාරා එම වලවල් තුල තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගෙන ජලාශයටම සෝදන බවයි ධිවරයන් කියා සිටින්නේ. කාසල්රි ජලාශයට පිවිසෙන […]
බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන්,හා පුනරුත්ථාපන නිලධාරීන් 1275 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ යටතේ පිරිමි නියාමකවරුන් 1068 ක්, කාන්තා නියාමකවරියන් 110 ක්, දෙවන පෙළ පිරිමි ජේලර්වරුන් 69 ක් , දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10 ක් ,දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරීන් 15 ක් හා දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරීන් 03ක් වශයෙන් බඳවා […]
විදුලි අර්බුදයට හේතුව ආණ්ඩුවේ නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධනයන්ගේ 47 වන ගුණ සමරු උත්සවයට කොළඹදී ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව ඇති බව ‘අද’ට වාර්තා වේ. එම පෙත්සම්වලින් පෙන්වාදී ඇත්තේ ක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීමට නොහැකි බවත් එය වළක්වාලන නියෝගයක් ක්‍රිකට් ආයතනයට නිකුත් කරන ලෙසත්ය. ක්‍රිකට් ආයතනයේ විධායක […]
නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු වුණා. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
ගායක නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර නැමැත්තාගේ සේවය අත්හිටුවා තිබේ. නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇති අතර, මොහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ප්‍රකාශ කළේ. ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මොහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළා. […]
තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කරනවා. ඊයේ(27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමිය මෙ ආකාරයෙන් සඳහන් කළාය. රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බව […]
මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම“ නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා උදෑසන සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය පාලනය හා නියාමනය කිරීමේ අරමුණින් බක්මහ දිවුරුම නමින් දරුවන්ගේ හෙට දිනය උදෙසා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.