News Line| Off Air
Generic placeholder image

Aug
14

අයවැය ලේඛනය වෙනුවට ලබන වසරට පරිපූරක ඇස්තමේන්තුවක්

Generic placeholder image

මුදල් ඇමතිවරයා විසින් 2020 වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර පළමු කාර්තුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි.


Aug
14

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද

Generic placeholder image

අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රී විථි සංචාරය කිරිමට නියමිතයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ සඳහා කප් සිටුවිම පසුගිය 01 වනදා සිදු කෙරෙනු අතර පළමු කුඹල් පෙරෙහැර පසුගිය 05 වනදා විථි සංචාරය කෙරුණි. රන්දෝලි පෙරහැර පසුගිය 10 වනදා ආරම්භ වූ අතර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්රිසයේ වීථි සංචාරය කිරිමට නියමිතව ඇත.


Aug
14

නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වෙයි

Generic placeholder image

ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව වාර්තා වේ. මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 ඊයේ (13) පස්වරු 4 සිට ජලයෙන් යට වි ඇති බවත් ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදි […]


Aug
14

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක්

Generic placeholder image

අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. රත්නපුර , කිරිඇල්ල යන ප්‍රදේශයන් වලින් ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වනවා.එය මිලිමීටර් 194.5ක්. ගිලිමලේ ප්‍රදේශයට මිලිමීටර් 157.5ක සහ කළුතර – මොරපිටිය ප්‍රදේශයට මිලිමීටර් 140ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]


Aug
14

නිිකිනි පුරපසලොස්වක පොහෝ දිනය අදයි

Generic placeholder image

නිිකිනි පුරපසලොස්වක පොහෝ දිනය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට නිිකිනි පොහොය වැදගත් වනවා. බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3 කට පසු අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් දඹදිව රජගහ නුවර දී සප්තපන්නී ලෙනේ දී ප‍්‍රථම මහා සංඝායනාව පැවැත්වුයේ නිිකිනි පුරපසලොස්වක පොහෝ දිනයකදීයි. ආනන්ද හිමියන් අරහත් පලයට පත් වුයේ ද අද වන් පොහෝ දිනයකදී බව […]


Aug
13

සතියකින් බර කිලෝ 10ක් අඩු කරගන්න ඔබත් කැමතිද?

Generic placeholder image

ශරීරයේ බර වැඩිවීම යනු වර්තමානයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා පීඩා විඳින තත්වයක්. කාර්ය බහුල ජීවන රටාව නිසා හුරු වී ඇති නොගැලපෙන ආහාර පුරුදු, ව්‍යායාම මදිකම ආදී තත්වයන් බොහොමයක් මෙයට බලපානවා. පහත පරිදි ආහාර පාලන සැලසුම සතියක් පුරාවට අනුගමනය කිරීමෙන් බර 8kg – 10kg අතර ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකියි. 01. පළමු දිනය පළමු දිනයේදී ඔබට […]


Aug
13

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළට

Generic placeholder image

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමන රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යන බව සදහන්. ඔටෝ ඩීසල් වල මිලහි වෙනසක් සිදුව නැහැ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් වැඩි වන බවද සදහන්.


Aug
13

ගෝඨාභය සහ මහින්ද හෙට දළදා සමිදුන් වැදපුදා ගනියි

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හෙට මහනුවර ශී‍්‍ර දළදා සමිදුන් වැද පුදා ගැනීමට නියමිතයි. එමෙන්ම නිකිනි පුර පසළොස්වක පොහොය දිනය හෙටට යෙදී තිබෙන අතර මහනුවර ශී‍්‍ර දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහැරද හෙට දින පැවැත්වෙනවා.


Aug
13

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ශ්‍රීලනිප තීරණය ඉදිරි සතියේ

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් මහලේකම්වරයා මෙම අදහස් පල කළා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම […]


Aug
13

නැති ප‍්‍රශ්න හදපු ඔටුවෝ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here


Aug
13

පාසල්වලට ඉංග්‍රීසි සන්නිවේදන දිනයක්

Generic placeholder image

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබා දී ඇති විෂය මාලාව වඩාත් ඵලදායී ව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැලසුම් සකස්කර පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතවන ගුරුවරුන් […]


Aug
13

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම්

Generic placeholder image

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාම් පිළිබද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ප‍්‍රදේශවලට ගත වූ පැය 24 තුළ අධික වර්ෂාවක් ලැබී ඇති බැවින් ඉදිරි කාල සීමාව තුළද වැසි ඇතිවුවහොත් නායයාම් ඇතිවිය හැකි බවත් නායයාමේ ලක්ෂණ පවතින්නේ නම් අදාළ ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය […]


News Articles
Latest Videos
Most Popular Post