රුසියාව සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවත්නා මිත්‍රශීලි සම්බන්ධතාවය වැඩිදියුණු කරමින් සන්නද්ධ හමුදාවන් වෙත විශේෂ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. යුධ හමුදාධිපති මහේෂ් සේනානායක මහතා පසුගිය 03 වනදා සිට 05 වනදා දක්වා රුසියාව තුල තෙදින සංචාරයක නිරත වුණා. ශ්‍රී ලංකා – රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් හෙට(14) දිනයේ පිටියට පිවිසෙන බව සදහන්. මෙම ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ ඇඳුමෙහි පිටුපස අංකයක් ප්‍රදර්ශනය කරන අතර එය පළමුවරට අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී හඳුන්වා දුන්නා. සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර […]
මෙරටට ආනයනය කරන ලද එස්. 14 වර්ගයේ බලවේග කට්ටල දුම්රිය ඉදිරියේදී උඩරට මාර්ගයේ ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. චීනයෙන් ආනයනය කරන ලද අති නවීන වර්ගයේ එස්.14 බලවේග කට්ටල දුම්රිය අද දිනයේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කළා. ඒ අනුව මෙම බලවේග කට්ටල […]
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට තෝරාගත් අවසන් හය දෙනා නම් කර අවසන් බව එරටින් වාර්තා වෙනවා. එම ධුරය සදහා ඉන්දිය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රි ද සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනවා. ඉන්දීය පුහුණුකරුවන් දෙදෙනෙකු වන ලාල්චන්ද් රාජ්පුත් හා රොබින් සින් මෙන්ම නවසීලන්ත හිටපු පුහුණුකරු මයික් හෙසන්ස්, ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු ටොම් මූඩි සහ […]
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අගෝස්තු 10 වනදා සෙවැස්තපෝල් හිදී මෝටර් සයිකල් ධාවනයක යෙදී තිබෙනවා. ඒ ඔහු “The Shadow of Babylon” නම් වූ වාර්ෂික සයිකල් සැණකෙලියට එක් වූ අවස්ථාවේ දීයි. මෙම සැණකෙලිය “Night Wolves” මෝටර් බයිසිකල්කරුවන්ගේ සමාජය විසින් සංවිධානය කර තිබු අතර පුටින් මෙහිදී පැදගෙන ගියේ රුසියාවේ නිෂ්පාදිත ඌරල් මෝටර් සයිකලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. […]
70 හැවිරිදි ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් මතුව තිබෙනවා. ඊයේ දිනට යෙදී තිබූ ලෝක හස්තීන්ගේ දිනයේදී මෙම ඇතින්නියගේ වැහැරුණු සිරුර සහිත ජායාරූපයක් සෙන්ඩුයීන් චායිලට් නැමති තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණියක් විසින් සමාජ මාධ්‍ය තුලට එක්කර තිබුණා.ඇය ආසියානු අලි ඇතුන්ගේ සංරක්ෂණය උදෙසා පිහිටුවා ඇති සේව් එලිෆන්ට් […]
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් වීරෝධතාවක නිරත වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙන බව වාර්තා වෙනවා. මෙම විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ දැරීම හේතුකොටගෙන මෙලෙස මෙම මාර්ගය තාවකාලිකව පොලිසිය විසින් වසා දමා තිබෙනවා. අද පෙරවරු 11.00 ට පමණ කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ වුණ බව වාර්තා වෙනවා.
ඊයේ පස්වරුවේ අනුරාධපුරයට පැමිණි පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටුවේ නියෝජිතයින් පිරිස රුවන්වලිසය අභියස පැවැත් වූ ආශීර්වාද පිංකමකට සහභාගී වුණා. අද උදැසන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගන්නට එක් වුණා.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි. මෙම තරගය පැවැත්වෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවය යටතේයි. මෙම තරගය සදහා පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා නොකළ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුලත් කර තිබෙනවා.
සියත Fm Tranding Talk සමග මේ සතියේදී එකතු වුනේ රටක් හදුනන ජනප්‍රිය YouTube නිර්මාණ ශිල්පී වස්ති අනුෂ්ක උදානයි ඔහු අපත් සමග පළකලේ මෙවන් අදහසක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තවත් සති 02ක් ඇතුළත ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මෙහිදී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස සකසන ලද වාර්තාව මීළඟ විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන ඔක්තෝබර් මස තරගාවලිය පැවැත්වීමට දින නියම කරගෙන […]
ජවිපෙ ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ජනපති අපේක්ෂකයා තේරීම ජාතික ජන බල වේගය නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණය කරන බවත් අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනට කීමට නොහැකි වුවත්, මේ මස 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය මංගල රැලියේදී එය ප්‍රකාශයට පත් කරන බවද […]