ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබද පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව නාය යෑමේ අවධානම දැඩිව පවතින ප්‍රදේශ ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , වලල්ලාවිට , මතුගම, අගලවත්ත යන ප්‍රදේශ වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදුව , බද්දේගම යන ප්‍රදේශ දක්වා ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය […]
මේ වන විට ගිං ගඟේ ධාරා ප්‍රදේශයේ බද්දේගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එබැවින් පහල ධාරා ප්‍රදේශයේ ගඟ දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි. අද(24) පෙරවරු 10 න් […]
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා දින නියම කර ඇති බවයි. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර ඇත. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 […]
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මෙම තත්ත්වය හෙට(25) රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇතැයි වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙයි. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත්, වයඹ, උතුර, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් […]
කොළඹ තදාසාන්න ප්‍රදේශ කිහිපයක මාර්ගවල ගමනාගමනයට පවතින අධික වර්ෂාපතනයත් සමඟ බාධා එල්ල වී ඇති වාර්තාවේ. ඊයේ (23) රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව පොලීසිය සදහන් කළේය. ඒ අනුව කොටහේන ජේතවන පංසල ඉදිරිපිට ආමර්වීදිය, බාබර් වීදිය ප්‍රදේශය, කොටහේන බ්ලුමැන්ඩල් පාර සෙන් ජේම්ස් වීදිය, කොටුව රෙක්ලමේෂන් පාර ජින්තු පිටිය […]
වර්ජනය සම්බන්ධයෙන් උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පවසා ඇත්තේ අධිකරණ නියෝගය නොතකා ගොස් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද(24) සේවයෙන් බැහැරව කටයුතු කරන බවයි. අද උදෑසන 11.00 ට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය […]
දැනට පවතින අධික වර්ෂාවත් සමඟ අධිවේගි මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල වේගය පැයට කිලෝ මිටර් 60ක් දකවා සීමා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා ඇත.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත් කරන ලෙස ඉල්ලා තමන් කිසිදු අවස්ථාවක ලිපි යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර, සංචාරක ව්‍යාපාරය පිළිබදව සී.එන්.එන්. මාධ්‍යවේදී රිචඞ් ක්වෙස්ට් මෙහෙය වූ සම්මුඛ සාකච්ඡාවකට ද […]
පවතින අධික වර්ශාපතනයත් සමඟ රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. කලවාන ප්‍රදේශයට ඉකුත් පැය 24 තුළ මිලිමීටර 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් හෙට (24) රාත්‍රි 7 දක්වා බලපැවැත්වෙන පරිදි එම අවදානම් නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. කළුතර, […]
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පැය 7 කට වැඩි කාලයක් 2015 – 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන්නා. නිවාස සංවර්ධන අධිකාරියට පසුගිය වසර 3 ක කාලය තුළ නිසි අනුමැතියකින් තොරව ප්‍රමාණය ඉක්මවා සේවකයින් බඳවා ගත් බවට එහි ශ්‍රී […]
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) යන දිනයන්හිදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර නියෝග කර තිබෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (23) රාත්‍රියේ දී දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් වලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇති වනු ඇති බවයි. එමෙන්ම වයඹ, […]
ගාල්ල, වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. වඳුරඹ පොලිස් වසමේ නාවල, කොකාවල ප්‍රදේශයේ නිවෙස් දෙකක් මෙලෙස නාය යාමට හසුව ඇති අතර එම නිවෙස් දෙකේ සිටි එක් කාන්තාවක් නිවස තුල පස් වලට යටවී සිටියදී සොයා […]