News Line| Off Air
Generic placeholder image

Jul
8

ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බව කිරිඇල්ල කියයි

Generic placeholder image

තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රාජපක්ෂවරු 6 දෙනෙක් එක්ව ඇති බවත් පැවසු ලක්ෂමන් කිරිඇල්ල මහතා, නමුත් එක්සත් ජාතික පක්ෂයේ එවැනි ක්‍රියාවලියක් නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවා. කෘතියාධිකාරී මණ්ඩලය […]


Jul
8

අනියම් පෙම නිසා ඇසිඩ් ගසා ඇසිඩ් පානය කර පුද්ගලයෙකු මරුට

Generic placeholder image

කෑගල්ල පොලිස් වසමේ ගොඩපොල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (07) දහවල් කාන්තාවකට, ගැහැණු ළමයෙකුට සහ පිරිමි ළමයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා. එම ප්‍රහාරයෙන් පසු අදාළ පුද්ගලයාද ඇසිඩ් පානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.ඇසිඩ් පානය කළ පුද්ගලයා සහ කාන්තාව, දරුවන් දෙදෙනා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇසිඩ් පානය කළ පුද්ගලයා මිය ගොස් […]


Jul
8

කෝටි 04ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

Generic placeholder image

රුපියල් කෝටි 04ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.එහි තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 2යි ග්‍රෑම්623ක් පමණ වන බවයි බලධාරීන් පැවසුවේ. මෙම මෙම සැකකරු ලාඕස් ජාතිකයෙක් වන අතර පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපල ඒකකය විසින් අයිස් මත් ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.


Jul
8

ඊයේ හදිසියේ කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය අතර හමුවක්

Generic placeholder image

කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය හදිසියේ ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වී තිබෙන බව වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස්වන්නේ අඟහරුවාදා දිනයේ වුවත් ජනාධිපතිවරයා හෙට (09) දිනයේ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගත වන බැවින් මෙලෙස හදිසියේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව පැවසෙනවා. එමෙන්ම ආරක්ෂක මණ්ඩලය ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වී තිබෙන අතර සාමාන්‍යයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වන්නේ […]


Jul
8

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවත අද සිට ක්‍රියාත්මකයි

Generic placeholder image

පරිගණක පද්ධතියේ ඇතිවු වු දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කෙරනෙ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය සිකුරාදා දිනයේ පරිගණක පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාළිකව නවතා දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණු අතර මේ වන විට එම […]


Jul
8

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහබස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා සහ […]


Jul
6

ඉරාකයේ ඓතිහාසික බැබිලෝන් නගරය ලෝක උරුම ලැයිස්තුවට එක්කිරීමට තීරණයක්

Generic placeholder image

ඉරාකයේ ඓතිහාසික බැබිලෝන් නගරය ඇතුළු තවත් ස්ථාන කිහිපයක් ලෝක උරුම ලැයිස්තුවට එක්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ඓතිහාසික බැබිලෝන් නගරය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ඉරාකය ඉල්ලීම් කර වසර 30 කට පසුවයි. බැබිලෝන් නගරය සැලකෙන්නේ ඉරාකයේ පිහිටි පස්වැනි ලෝක උරුමය ලෙසයි. පෞරානික බැබිලොන් නගරය යුප‍්‍රටීස් නදී ඉවුරේ පිහිටා තිබෙනවා. […]


Jul
6

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 44 වන තරගය අදයි

Generic placeholder image

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා. ඒ ලීඞ්ස් හීදීයි. තරගාවලියේ 44 වන තරගය වන මෙය පස්වරු 03 .00 ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාවට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට මෙම තරගයේ ජයග‍්‍රහණය වැදගත්.  ඉන්දියාව මේ වන විට සහභාගි වූ තරග අටෙන් හයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් […]


Jul
6

කොත්මලේ බ්ලූම් ෆිල්ඩ් වතුයායේ නිළධාරීන්ට ප‍්‍රහාරයක්

Generic placeholder image

කොත්මලේ බ්ලූම් ෆිල්ඩ් වතුයායේ නිළධාරීන්ට ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. වතු කම්කරුවන් පිරිසක් විසින් එම නිළධාරීන්ට හා ඔවුන්ගේ දෙපල වලට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ. වතු පාලන අධිකාරියේ සිව් දෙනෙකු තුවාල සිදුවීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත ඇතුලත්කර තිබෙනවා. වතු කම්කරුවන්ට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ බාරකාර අරමුදල් මාසිකව ඔවුන්ගේ ගිණුම් වලට බැර […]


Jul
6

දිවියන්ට සර්කස් පුහුණුකිරීමට තැත් කළ අයෙක් මරුට

Generic placeholder image

දිවියන් සිව් දෙනෙකු සපාකෑම හේතුවෙන් ඉතාලියේ සර්කස් සංදර්ශන පුහුණුකරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව තිබුනේ සංදර්ශනයක් සදහා අදාළ දිවියන් පුහුණුකරමින් සිටියදීයි. දිවියන් සපා කෑමෙන් බරපතල තුවාල ලබා සිටි 61 හැවිරිදි පුහුණුකරු රෝහල් ගත කිරීමේදි මියගොස් තිබෙනවා.


Jul
6

වලංගු වීසා නොමැතිව මෙරට රැදි සිටි අයෙක් කොල්ලුපිටියෙදි අල්ලයි

Generic placeholder image

ආගමන විගමන දෙපාර්තුමෙන්තුවේ නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා නොමැතිව රැදි සිටි විදේශකයෙකු කොල්ලුපිටියෙදි අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිසිය විසින් මොහුව අත් අඩංගුවට ගෙන ඇති අතර අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරිමට නියමිත බව වාර්තා වෙනවා.


Jul
6

අර්ජුනගෙන් දුම්රිය සේවකයින්ට ඉල්ලීමක්

Generic placeholder image

දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට රජය කටයුතු කර ඇති බැවින් නැවත මහජනයා අපහසුතාවට පත්වන අකාරයෙන් කටයුතු නොකරන ලෙස ඉල්ලීමක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. පලාලි ගුවන්තොටුපොළ නවීකරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර පසුගියදා දුම්රිය ගැටළු සම්බන්ධ සාකච්ඡා සාර්කථකව අවසන් කර ඒ […]


News Articles
Latest Videos
Most Popular Post