අනුරාධපුරයේ ජලය බැස යන ජල මාර්ග 6 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය, බස් නැවතුම්පල සහ සියළු ප්‍රවාහන මාදිලි එකට යාකෙරෙන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසුවා. ඒ රුපියල් මිලියන 53 ක වියදමින් සංවර්ධනය කරන ලද ජය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ නැගෙනහිර ප්‍රවේශ මාර්ගය බැතිමතුන් උදෙසා විවෘත […]
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කල පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව යළිත් ලබන මස 10 වනදා පස්වරු 2.00 ට රැස් වීමට නියමිත බව වාර්තා වනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා තේරිම් කාරක සභාවට ඊයේ දිනයේ කැදවනු ලැබුවද තමන් එයට සහභාගි නොවන බව පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කර තිබුණා.එම නිසා තේරිම් කාරක සභාවට යළි […]
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කළ පැය 24ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි දුමිරිය පාලක මැදිරිය පැවසුවේ. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය ඉකුත් දා කටයුතු කළද එය ද නොතකමින් […]
මීගමුව දළුපොත ඇළ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙනවා. ඉකුත් පෙබරවාරි […]
සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් හැරුනු විට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ඩරන්හැම්හිදී පැවැති තරගයේ කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසියත් තරගයේ පළමු පන්දුවේදීම නායක දිමුත් කරුණාරත්න ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගැනීමට කාගිසෝ රබාඩා […]
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක් ඊයේ (28) තේරීම් කාරක සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කල බව වාර්තා වනවා. ඒ අනුව එහි සඳහන් වී තිබුණේ කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ නොමැති බවයි. පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරය ගැන සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ […]
ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු ජාතික යුවළක් ළග තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන […]
ඉස්ලාම් ආගමේ කුරානය තුළ කිසිදු තැනක මරාගෙන මැරෙන ප්රහාරයන් අනුමත කර නොමැති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. එක් ජීවිතයක් මරනවා යනු මුළු මහත් සමාජයම මරණවා යනු යැයි පැවසු හිටපු අමාත්‍යවරයා, තමා මරාගෙන මැරෙන සංකල්පය ප්‍රතික්ෂේප කරන බව ද පැවසුවා. මේ සංකල්පය […]
බදුල්ල උඩුවර අතුරුමාර්ගයකදී රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු මුදල් හුවමාරු ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් පැකට් දුරකථයෙන් දන්වන ස්ථානයන්හි සඟවා යන හෙරොයින් බෙදාහරින්නෙකු බව හෙළි වී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ යට ඇඳුම් තුළ පොලිතීන් මල්ලක දැමූ හෙරොයින් පැකට් 60 ක් තිබී සොයාගෙන ඇති බව වාර්තා වනවා. […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පෙරවරුවේ පැවති උත්සවයක දී ප්‍රකාශ කළේ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බවයි. මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින […]
හාලිඇල-උඩුවරවත්තේ කැලෑ ප්‍රදේශයක ඊයේ(27) රාත්‍රීයේ ඇතිවු ගින්නක් හේතුවෙන් අක්කර 20ක් පමණ විනාශ වී තිබෙනවා. පරිසර වේදීන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම ගින්න හට ගත් ප්‍රදේශයේ ඌරන්, වැලිමුවන් සහ උරඟ වර්ගයේ සතුන් බහුලව සිටින කොටසක් වන බවත් එම ප්‍රදේශයේ බෝහෝ ජල උල්පත් පිහිටි ප්‍රදේශයක් බවත්ය. මෙම ගින්නට හේතුව මිනිස් ක්‍රියාකාරකම් වන්නට ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ බදුල්ල සහකාර […]