පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමතුංග යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමතුංග යන නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.මිනුවන්ගොඩදී ඊයේ (08දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කලා.
ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ දෙහිවල, අත්තිඩිය ප‍්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගත් සැකකටයුතු ගමන් මල්ල පිළිබද තවදුරටත් පුළුල් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක වෙනවා. ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ නිවස පරීක්‍ෂාවට ලක්කරනු ලැබුවා. එහිදී සොයා ගැණුනු රහසිගත සිදුරක් සහිත කළු පැහැති අදාළ ගමන් මල්ල කුමන කටයුත්තක් සදහා භාවිත […]
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වනවා.ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශී‍්‍ර ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමක් නොමැති බැවිනි. ඒ අනුව දැඩි රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත්වීමකින් තොරව මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.මෙම තත්ත්වයෙන් […]
තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. ‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. […]
ශ්‍රී ලංකාවේ සවි කර ඇති සියලු විදුලි සෝපාන වසරකට වරක් ලියාපදිංචි කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ව්‍යවපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. විදුලි සෝපාන අක්‍රීය වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බැවින් මේ තීරණය ගත් බවද අමාත්‍යවරයා අද (07දා) පාර්ලිමේන්තු සභා වරයේදී ප්‍රකාශ […]
පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගියදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායක වූ විශේෂ කාර්ය බළකායේ සියලුම නිලධාරීන්ට තමන්ගේ ප්‍රශංසාව පළකරන බවද අගමැතිවරයා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඬලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන මෙහෙවර අගය […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත්ව තිබෙනවා. පෞද්ගලික කරුණක් හේතුවෙන් ඔහු මෙසේ විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව තිබේ. එම පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේදී ඔහු විභාගයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය. පෙත්සම් විභාගය නැවතත් මැයි 8 දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ගායන ශිල්පී අමල් පෙරේරාගේ මහරගම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී කොකේන් හිස්කොපු දෙකක් සොයාගෙන තිබෙනවා.මේ බව සඳහන් කර සිටියේ පොලිස් විශේශ කාර්ය බලකාය විසිනි. රංගන ශිල්පී රයන් වෑන් රොයිගේද නිවස පරීක්ෂා කොට ඇති අතර එහි තිබී රහසිකගත බෑගයක් හමු වී තිබෙන අතර රයන් වෑන් රෝයිගේ සොහොයුරාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවකු තම සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මාර්තු මස 1 දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (07) දැනුම් දුන්නා. අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ පැමිණිලි සහ විත්ති පාර්ශවයේ සියලු වාචික දේශන […]
ශ්‍රී ලංකා රේගුව සඳහා නව සාගර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණයකළා. රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ කටයුතු සිදු කෙරෙනවා. අද වනවිට රට මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, මෙම මත්ද්‍රව්‍ය රටට පැමිණිය යුත්තේ […]
මාරවිල ප‍්‍රදේශයේ ඉඩමක ඉතා විශ්මිත ආකාරයෙන් එකම පොල් කඳකින් හැදි ගසේ ඉහළ ප‍්‍රදේශයේ තවත් අතුරු ගස් 7ක් හැදි ඇති පොල් ගසක් පිහිටා තිබෙනවා. මෙම අපූරු ගස පිහිටා ඇත්තේ මාරවිල කුරුස පල්ලියේ මාර්ගයේ පැට්රිපක්ස් මහතාගේ ඉඩමේය . මෙම එකම කඳෙන් හැදි ඇති අතුරු ගස් 7 ම පොල් හටගෙන ඇති අතර ඉතා සාරවත්ව පොල් ගස පිහිටා තිබිමද […]
ඩුබායි හෝටලයකදී අත් අඩංගුවට ගත් අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මේ වන විට ඩුබායිහි බන්ධනාගාරයක රඳවා සිටිනවා. ඩුබායි පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි.මදූෂ් ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇති අතර එය ඔවුන්ගේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහායි. අත්අඩංගුවට ගත් පිරිස අතර […]