කුරුණෑගල නගර සභාවේ සමස්ත කාර්යමණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) එහි සියලුම කටයුතු අඩපණ වුණා. කාර්යමණ්ඩලයේ ඉහළ තනතුරු වල සිට සුළු සේවකයා දක්වා සියලුම සේවකයන් අසනීප නිවාඩු දමා සේවයට පැමිණීමෙන් වැළකී සිටියා. මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන කසළ බැහැර කිරීම්, නගරය පිරිසිදු කිරීම් වැනි නගර සභාව මගින් සිදුකරන ලද සේවා […]
කොරෝනා වසංගතය හේතුවෙන් උතුරේ නතර කර තිබු සංවර්ධන ව්‍යපෘති නැවත ආරම්භ කිරීමට ව්‍යපෘති භාරකරුවන් පියවරගෙන තිබෙනවා. මෙම වියපෘති අතරමග නතර කරනු ලැබුවේ සේවකයන් හට සේවය සඳහා වාර්තා කිරීමට නොහැකි වීමෙනි. නමුත් මේ වන විට කොරෝන අවධානම් තත්වය උතුරු මැද පළාතේ යම් මට්ටමකට පාලනය වීම හේතුවෙන් නැවත වැඩ ආරම්භ කිරීමට හැකි බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් […]
බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා ආරක්ෂිතව සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසනවා. ඇය රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතරතුරයි. මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබුනද ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිරීක්ෂකයින්ගෙන් තොරව පැවති මැතිවරණයේ දී […]
ප්‍රවීන මාධ්‍ය ප්‍රධානියෙකු සහ හොන්ග්කොන් ප්රජාතන්ත්රවාදය උදෙසා නිරන්තරයෙන් පැවැත්වෙන විරෝධතවලටත් සහය පළ කරන ජිමි ලායි චීන රජයේ මැදිහත් වීම් මත අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු චීනයේ උදහසට ලක් වුණු පුද්ගලයෙකි. 72 හැවිරිදි ජිමි ලායි ඇපල් ජිජිටල් නමැති පුවත්පත හොන්ග්කොන්ග් ප්‍රධාන පුවත්පතක් වන අතර එ තුලින් චීන විරෝධී අදහස් සමාජගත කිරීමද සිදුවන බවයි වාර්තා වන්නේ. […]
චීන මහා ප්රාකාරයේ දුර බැහැර ප්‍රදේශයක් වැඩි කල් නොගොස් වැඩි නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට සමත්වන බව බොහෝ දෙනා පවසනවා. මෙයට හේතුව වන්නේ මෑතකදී චීන මහා ප්‍රකාරය මුල් කර ගනිමින් කරමිනි සිටි ව්‍යාපෘතියක් අවසන් වීමත් සමගයි. මෙම ප්‍රකාරය චීනයේ පවතී ප්‍රධාන බලකොටුවක් පමණක් නොව චීනයම හැඩගස්වා ඇති සියවස් ගණනාවෙහි කැපී පෙනෙන මතක් කිරීමකි. රටේ උතුරින් කිලෝමීටර් […]
මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් තරග කර එක් මන්ත්‍රී අසුනක් හිමිකරගත් තම පක්ෂය නව රජයට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව තමිල් මක්කල් විඩුදල පුලිගල් හෙවත් ටී. එම් වි . පී. පක්ෂය කියයි. එම පක්ෂයේ නායක හිටපු නැගෙනහිර මහ ඇමති සිවනේතුරෙයි චන්ද්‍රකාන්ති හෙවත් පිල්ලයාන් මෙවර මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන වන 54198 ක් ලබා […]
හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දැමීමට ගත් තීරණය සදාචාරාත්මකව වැරදිද ? අවුරුදු 75 කට පසු, ප්‍රශ්නයට පළමුව පෙනී සිටීමට වඩා පිළිතුරු දීමට අපහසුය. 1980 දශකයේ මුල් භාගයේදී, හාවඩ්හි මහාචාර්යවරයෙක් වන රොජර් ෆිෂර් න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමේ තීරණය සමඟ එය දියත් කිරීමට ප්‍රථම කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. එම ක්‍රමයට මස් කපන පිහියක් සහ එක්සත් ජනපදයේ […]
ලෙබනනයේ බේරුට් අගනුවර සිදු වූ පිපිරීමට විරෝධය පල කරමින් එරට ජනතාව මහා මගට බැස සිය අප්‍රසාදය පල කරනවා. මේ අනුවරජයට එරෙහිව පවතින පැවැති විරෝධතාවලට ප්‍රතිචාර ලෙස එරට රජය ඉල්ලා අස්වී තිබෙනවා. ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙන අතර බේරුට් නගරය ආපදා නගරයක් ලෙස නම් කිරීමට පසුගියදා තීරණය කෙරුනා.
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කෙනෙකු නම් කිරීම ලබන සිකුරාදා ( 14 ) කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දිගටම රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස් නොකරන හෙයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා කෙනකු පත් කිරීමේ තීරණය පක්ෂ […]
2020 මහ මැතිවරණයෙන් 09 වන පාර්ලිමේන්තුවේ අගමැති ලෙස තේරීපත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද කොළඹ අරලියග ගහ මන්දිරයේදී සෙත් පිරිත් සජ්ජායනා මැද සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා.
මාර්තු මස මුල සිට, කොවිඩ් – 19 ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් තිබියදී, එක්සත් ජනපද වෙරළාරක්ෂකයන් පිරිසක් කැලිෆෝනියා වෙරළට සැතපුම් 14 ක් දුරින් පිහිටි ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව වෙත ගමන් කරමින් තිබුණා. මෙහි ගමන් කරමින් සිටියේ ආපදා වෛද්‍ය කණ්ඩායමක්. මෙම කණ්ඩායම භාරව කටයුතු කලේ මයිකල් කැල්හාන් නමැති ආපදා වෛද්‍යවරයෙකි. මොවුන්ගේ කාර්යය වුයේ ආපදාවට ලක්වූ මිනිසුන් 3500ක් […]
ලෝකයේ සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජෝන් ස්ටොක්ස් පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් එනම් පෞද්ගලික හේතුවක් මත පකිස්ථානය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක්ම අතහැර දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම තරග දෙකම මේ මස 13 සහ 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.