News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක්

Generic placeholder image

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුළදි පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. එහිදී පවතින දේශපාලනික ගැටළුවලට විසදුම් ලැබෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග වැඩිදුරටත් කියාසිටියේ. අද පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව […]


Dec
1

ස්ටීව් ජොබ්ස් අන්තිමට කියපු වචන ටික | මෙය ඔබේ ජීවිතය වෙනස් කරාවි

Generic placeholder image

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත!! -ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන- අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය. “ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය […]


Dec
1

පැණි බීම සීනි බදු අඩුකරයි

Generic placeholder image

කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් […]


Dec
1

සංචාරක අමාත්‍යාංශ ගිණුම්වල ඩොලර් බිලියන ගණනක් ගන්න හදනවා

Generic placeholder image

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතුව පවතින ගිණුම්වල පවතින ඩොලර් බිලියන ගණනක මුදලක් ලබාගැනිමට භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව හිටපු සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා ප්‍රකාශ කළේය. අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් එතුමා මේ බව සඳහන් කළේය. මෙය නීතිවිරෝධී බවත් එය නවතා දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.


Dec
1

මැතිවරණයක් එන ලකුණු

Generic placeholder image

ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අද රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේ දී දිස්ත‍්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔවුන්ට ඊට සුදානමින් ඉන්නැයි ප්‍රකාශ කළේය. ඒ අනුව 2020 ඔක්තෝම්බර් මස 31 වන දින වනවිට පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව […]


Dec
1

මහින්දට බලය නැති බව පැහැදිලි යැයි ජනාධිපති කියලා

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවට පැහැදිලි යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා. “අපි කිව්වේ ඔක්තෝබර් 26 දායින් පසුව ඇතිව තිබෙන ප්‍රශ්ණ විසඳහන්න […]


Dec
1

ජනාධිපති විධායක බලතල අනිසි ලෙස භාවිතා කරනවා – මනුෂ

Generic placeholder image

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වර්තමාන ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නැති බලතල ආරූඨ කරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා , “පාර්ලිමේන්තුවේ බහුතරය අවස්ථා ගණනාවකදී අපි පෙන්වලා තිබෙනවා. මේක […]


Nov
30

අර්බුද විසඳා ගැනීමේ සාකච්ඡා ඇරඹෙයි

Generic placeholder image

වත්මන් දේශපාලන අර්බුද විසඳා ගැනීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තවත් පාර්ශ්ව කිහිපයක් අතර පැවැත්වෙන සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර ඊයේ (29) පස්වරුවේ ඇතිකර ගත් එකගතාවන්ට අනුවයි මෙම […]


Nov
30

දඹර අමිල හිමිට ලැබුනු දීමනාවට අදාළ රිසිට් පත්‍රය අධිකරණයේදී හඳුනාගනී

Generic placeholder image

පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් 2018 වර්ෂයේ ජූලි මස සඳහා ප්‍රවාහන දීමනාවක් ලෙසට රුපියල් 95000 ක් ලබා ගෙන ඇති බවට අද (30) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරනයේ දී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම මුදලට අදාල රිසිට් පත්‍රය ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලකයා විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබුවා. සාක්ෂිකරු මෙම කරුණු අනාවරණය කළේ හිටපු […]


Nov
30

ගුවන් විදුලි සංස්ථාවට කථානායකගෙන් චෝදනාවක්

Generic placeholder image

ජාතික ගුවන් විදුලි සංස්ථාව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ සජීවී විකාශය සිදුකිරීම සඳහා එම සංස්ථාවට මුදල් ගෙවීම් කර ඇතැත් ඔවුන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තු විකාශය සිදු නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තමන් ලේකම්වරයා දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


Nov
30

ආණ්ඩුවට එක්වෙන්නේ නෑ – සුමන්තිරන්

Generic placeholder image

ඔක්තෝබර් 26 දාට ‌‌පෙර පැවැති රජය ස්ථාපිත කිරීමට සහාය දැක්වුවත් කිසිසේත්ම ආණ්ඩුවට එක්නොවන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. අද (30දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරියටත් විපක්ෂයේ සිට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Nov
30

අද පාර්ලිමේන්තුවේදී එක ඡන්දයක් අඩු වුණ හේතුව ප්‍රකාශ කරයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේදී අද (30) සම්මත කර ගැණුනු යෝජනාවට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව ඊයේ (29) දිනයේ සම්මත කරගත් යෝජනාවට හිමි වූ ඡන්ද සංඛ්‍යාවට වඩා එකකින් අඩු වී තිබුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක පැවසුවේ ඊට හේතු වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ පෞද්ගලික කරුණක් මත අද පාර්ලිමේන්තු නොපැමිණීම බවයි. ඒ පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් […]


News Articles
Latest Videos
Most Popular Post