එක්තරා තරුණියක් ඇය වැඩ කරන ආයතනයට දන්වනවා ඇයට අසනීප නිසා නිවාඩු ඕනේ කියල. ඉතින් ආයතනය ඇයට නිවාඩු දෙනවා. නමුත් ඇය ඇත්තටම කරන්නේ යාළුවන් එක්ක විනෝද චාරිකාවක් යාමයි. ඇය මේ චාරිකාවේ ෆොටෝස් ඇගේ ෆේස් බුක් ගිණුමේ පල කරනවා. අවාසනාවට ඇගේ ආයතනයේ ප්‍රධානියා මේක දකිනවා. ඉන් පසු වුන දේ ඔබට හිතා ගත හැකියි නේද ? ඇගේ රැකියාව […]
ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බව කැෆේ සංවිධානය පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙම මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක නොපවත්වන බවට නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. ඒ දින කිහිපයකට ඉහතදී මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන […]
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ඡන්ද විමසීමකින් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත යෝජනාවක් අද (19) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. එමෙන්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවකින් මෙම ගැටලුව විසඳාගන්නා ලෙස තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇති බව […]
රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය මෙතෙක් සමත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. කැළණිය ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
අළු බඳුන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණී ඇතැම් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් සම්බන්ධයෙන් කණගාටු වන බව ඔස්ට්‍රේලියා පිලේ හිටපු වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ජොන්සන් ප්‍රකාශ කරනවා. පන්දුව හිසේ වැදීමෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටි ස්ටිවන් ස්මිත් හට අපහාස වන අයුරින් ඇතැම් ක්‍රීඩා ලෝලීන් හැසිරුණු ආකාරයට විරෝධය පල කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. තවද […]
දෙමළ ජාතික සන්ධානය සිය නිල ට්විට්ර් ගිණුමේ සටහනක් තබමින් හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා. දරුණු ඝණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුට යුද හමුදාපති ධුරය ලබාදීම දෙමළ ජනතාවට සිදුකළ නිග්‍රහයක් බව දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම සටහන තබමින් එම්.ඒ.සුමන්තිරන් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161ක ආධාරයක් ලබාදී ඇති අතර මෙයින් අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබා දී ඇත්තේ ආපසු නොගෙවන ප්‍රදානයක් ලෙසයි. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදල වසර 08කින් ආපසු ගෙවීම සඳහා සියයට දශම 5ක සහන පොලියකට ලබාදී ඇති බව සදහන්. එමෙන්ම ව්‍යාපෘතීන් 08ක් සඳහා මෙම ආධාරය […]
අයිස්ලන්තයේ වසර 700ක් පැරණි ඕකේ ජෝකුල් හෙවත් ඕකේ අයිස් ග්ලැසියරය මියගිය බවට නිල නිවේදනය සහ ශෝකය පල කිරීම පසුගියදා සිදුකෙරුණා. අයිස්ලන්තයේ ඕකේ ජෝකුල් ග්ලැසියරය මියගිය බව ප්‍රථම වරට අනාවරණය වූයේ 2014 වර්ෂයේදී වුවත් ඒ බව නිල වශයෙන් සමරනු ලැබුවේ පසුගියදායි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන දේශගුණික විපර්යාසයන් නිසා අයිස්ලන්තයට අහිමි වූ පළමු ග්සිලැයරය මෙය වන අතර […]
මේ දිනවල කි‍්‍රකට් ලෝකයේ වැඩිපුරම කතාබහ වන මාතෘකාවක් තමයි ටෙස්ට් තරග කියන්නේ. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වෙලා තියෙන නිසා. මේ විදිහට ටෙස්ට් ලෝක කුසලතාවය ආරම්භ වූයේ අළුබදුන තරගාවලියත් එක්කයි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තයත් සමග තරගවැදුණු ටෙස්ට් තරගයත් ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියට ඇතුලත්. නිමාවට පත්වෙච්ච එංගලන්ත ඔස්ට්‍රේලියා සහ ශී‍්‍ර ලංකා නවසීලන්ත තරග නිසා ටෙස්ට් ශ්‍රේණිගත […]
යුද හමුදාපති ලෙස මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එක්සත් ජනපදය යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවන බව එම නිවේදනයේ සඳහන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා […]
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානවල තවත් ක්‍රියාකාරි සමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරට ද සහභාගි වී ඇති මොවුන් දෙදෙනා මොහම්මදු සහීර් සහ මොහොම්මදු අවුතාත් යන බවට අනාවරණ […]
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය සමග එක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජැක් ලෙට්ස්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කර තිබෙන බව වාර්තා වෙනවා. නව යොවුන් වියේදී එනම් වයස අවුරුදු 18 දී ඉස්ලාම් ආගම වැළඳ ගෙන, එමෙන්ම 2014 වසරේදී ඔක්ස්ෆර්ඩ්ෂෙයා උසස් පාසල අත්හැර සිරියාවේ රක්ඛා නගරය වෙත ගොස් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග එක් වූ අතර පසුව කුර්දි YPG බලකාය විසින් […]