ඉන්දු හා පාකිස්ථාන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව තමන්ගේ සහාය ඉල්ලූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බව ඉන්දීය විදෙස් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළා. කාශ්මිර ප්‍රදේශය අරඹයා පාකිස්ථානය හා ඉන්දියාව අතර ගැටුම් පවතින්නේ අද ඊයේ සිට නොවන අතර ස්ථිරසාර සාමයක් උදෙසා දෙපිරිස අතර වසර ගණනාවක් තිස්සේ අවස්ථා රැසකදී විවිධ උත්සාහයන් ගැණුනත් ඒවා සාර්ථක […]
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (24) දිවුරුම්දීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් වන නිවේදනය පක්ෂ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් වෙස්මිනිස්ටර් හි ක්වීන් එලිසබත් ටූ ශාලාවේදී පැවැත්වුණු අතර නව නායකයා තෝරාපත්කරගැනීමට පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 92153ක් දිනාගත් ජොන්සන් ඉතාමත් පහසුවෙන් සිය ජය තහවුරු කරගැනීමට සමත් වුණා. […]
මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කලේ දේශපාලන ප්‍රවණතාවයකට මාර්ග විවෘත කරන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වන අතර මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන රැසක එකතුවකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයන්හිදි ජයග්‍රාහණය තීරණය වුයේ ඉතාම සුළු ප්‍රතිශතයකින් බැවින් මෙවර කිසිදු […]
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශ ඉලක්ක කරගනිමින් ඊට එරෙහිව වත්මන් රජයේ නායකයින් සිදුකරන ප්‍රකාශයන් තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එමෙන්ම මේ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල කතා කිරීමේ නිදහස සීමාකිරීමට සහ මාධ්‍ය නිදහස සීමා කිරීමට වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තරයේ […]
යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි සුරුවමක් කිසියම් පිරිසක් කඩා දමා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ යාපනය කොටුව ආසන්නයේ පිහිටි කුඩා දේවස්ථායක පැවති කිතුණු දේව ප්‍රතිමා කිහිපයක් එලෙස කඩා දමා ඇති බවය. මෙම ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න සම්බන්ධයෙන් සොයා පරික්ෂණ මෙහෙයවන අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් දේව ප්‍රතිමා කඩා දමන්නට ඇති බව […]
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10.30ට විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, […]
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබෙනවා. සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(23) රාත්‍රී 11.45ට පමණ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල වෙත පැමිණි බව වාර්තා වෙනවා.
දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශයේ තාවකාලිකව […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් තෝරාගත් නඩු කිහිපයක විභාග කටයුතු සිදුකරන මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව ප්‍රකාශ කළා. එහිදී විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ විමල් වීරවංශ මැදිහත්ව මේ පිලිබද […]
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග ප්‍රකාශ කර ඇති අතර නුවන් […]
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අලූත් ලකුණකින් ජනාධිපතිවරණය ඇතුලූ ඉදිරි මැතිවරණ වලට තරග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල පොදු වෙළද සංකීර්ණයට මුල් ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින්.