මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කිරීමට හැකියාව පවතින මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනිදා මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත නියෝග කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා . මේ අතර, කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල […]
කොළඹට පැය 24ක ජල කප්පාදුවක් කොළඹ නගරය ආශ්රිත ප්‍රධාන නගර කීපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට(30) උදෑසන 9 සිට 31 වන දා උදෑසන 9 දක්වා පැය 24කට ජල සැපයුම අත්හිටුවනු ලබයි. ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි විසන්ධි කිරීමක් හේතුවෙන් සහ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව ජාතික […]
ප්‍රධාන විනිසුරු අතින් සිදුවූ අතපසුවීමක් හේතුවෙන් වසර දෙකකට පසු පළමු වරට සහභාගි වූ අයි පී එල් තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය හිමිකර දීමට ලසිත් මාලිංග සමත් වුණා. ඊයේ රාත්‍රියේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 187 ක් රැස් කළ අතර ප්‍රතිවාදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි. තරගයේ […]
පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුවු කළහාකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රී […]
ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මුලු සිද්ධීන් 1315ක් වාර්තා වූ අතර මූලික විමර්ශන වලින් 738ක් නිදහස් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම සිදුවීම් 1315න් 1265ක් අයදුම්කරුවන් සම්බන්ධ වන සිද්ධීන් වෙයි. අමතරව වාර්තා වී ඇත සිද්ධීන් […]
රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08දෙනෙකුට පමණ දිවි අහිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ ඊයේ(29) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මාර්ග අනතුරු රැසකට රියදුරන් මෙන්ම පදිකයින්ද වගකිය යුතු බවයි. රිය අනතුරුවලින් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගෙන් වැඩිපුර ප්‍රමාණයක් සිටින්නේ යතුරු පැදිවල පැදිකරුවන් සහ පසු පැදිකරුවන් බව පොලිස් […]
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වී තිබෙනවා.ඒ සිරියා ඊශ්රායෙල දේශ සීමාවේ පිහිටි ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා පියවර ගැනීම හේතුවෙන්. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ සංචාරය යෙදුණු අතර ඔහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගනිමින් ගිවිසුමකට අත්සන් තැබූණා. ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමත් නීතිවිරෝධී ලෙස […]
මෙවර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව විසින් හිමි කර ගෙන තිබෙනවා. 2018 සාමාන්‍ය පෙළ ප්රථීපල අන්තර්ජාලයට නිකුත් කලේ ඊයේ රාත්‍රියේ දීයි ඒ අනුව මෙවර දෙවන ස්ථාන 03 ක් බිහි වී තිබෙනවා. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සචිති හංසදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි හා මාතර සුජාතා […]
මතුව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා රජය අනුගමනය කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද(29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මහජනතාව වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කලේ ”නීති විරෝධී ලෙස” විදුලිය කප්පාදුවක් සිදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩුවක් ගොනු කෙරෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බවයි. ඒ සඳහා […]
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 10 වැනි “යොවුන්පුරය 2019” ගරු වරාය නාවුක කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) හම්බන්තොට, වීරවිල පශු සම්පත් […]
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. පසුගිය දා මාකඳුරේ මධූෂ් සමඟ සාදයකට සහභාගීව සිටියදී අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව […]