ඊයේ පස්වරුවේ අනුරාධපුරයට පැමිණි පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටුවේ නියෝජිතයින් පිරිස රුවන්වලිසය අභියස පැවැත් වූ ආශීර්වාද පිංකමකට සහභාගී වුණා. අද උදැසන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගන්නට එක් වුණා.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි. මෙම තරගය පැවැත්වෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවය යටතේයි. මෙම තරගය සදහා පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා නොකළ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුලත් කර තිබෙනවා.
සියත Fm Tranding Talk සමග මේ සතියේදී එකතු වුනේ රටක් හදුනන ජනප්‍රිය YouTube නිර්මාණ ශිල්පී වස්ති අනුෂ්ක උදානයි ඔහු අපත් සමග පළකලේ මෙවන් අදහසක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තවත් සති 02ක් ඇතුළත ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මෙහිදී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස සකසන ලද වාර්තාව මීළඟ විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන ඔක්තෝබර් මස තරගාවලිය පැවැත්වීමට දින නියම කරගෙන […]
ජවිපෙ ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ජනපති අපේක්ෂකයා තේරීම ජාතික ජන බල වේගය නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණය කරන බවත් අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනට කීමට නොහැකි වුවත්, මේ මස 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය මංගල රැලියේදී එය ප්‍රකාශයට පත් කරන බවද […]
බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කටයුතු පැයකට අධික කාලයක් නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ කිසියම් පුද්ගලයෙකු ඊයේ (12) රාති‍්‍රයේ ගුවන් තොටුපොලෙහි දෙවන පර්යන්තයේ බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවත් ඒ අනුව ආරක්ෂක අංශ පර්යන්තයේ සිටි සියලූ මගීන් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන […]
2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද පැවසෙනවා. එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසන්නේ කී‍්‍රඩාවට ගෝලීය වේදිකාවක් ලබාදීම මෙමගින් අපේක්ෂා කරන බවත් ඒ තුලින් ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත […]
ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. විශේෂයෙන්ම ෆේස්බුක් හිමිකරුවන් , තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසු ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.
පෞද්ගලික අභිමතාර්ථ නොව මාතෘ භූමිය පෙරටු කරගත් නායකත්වයක් රටට අවශ්‍ය බව මහා සංඝරත්නය පවසනවා. රටේ අනාගත නායකත්වය අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ අපේ රට රැක ගැනීමට ප්‍රමුඛතාව දිය යුතුව ඇති බවට මහා සංඝරත්නය පවසනවා. පෞද්ගලික අභිමතාර්ථවලට නොව මාතෘ භූමිය ඉදිරියට ගෙන යෑම සදහා අවශ්‍ය නායකත්වයක් රටට අත්‍යවශ්‍ය බවයි ඊයේ (12) පස්වරුවේ රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ […]
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මෙම මිල සුත්‍ර කමිටුව සෑම මසකම 10 වෙනිදා රැස්වෙන අතර මෙම මස අද දිනයේ රැස්වීමට නියමිතව ඇත. ඊට හේතු වී ඇත්තේ පසුගිය 10 වනදා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස නොවන බවට මුදල් අමාත්‍යාංශය සඳහන් කිරීමත් එමෙන්ම ඊයේ දිනයද රජයේ නිවාඩු දිනයක් […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වෙන බව වාර්තා වෙනවා. එමෙන්ම අනතුරුව මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු ආගමික ස්ථාන වැදපුදා ගැනිමට නියමිත බවද පැවසෙනවා.
දිවයිනේ පුරා වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, වැඩි විය හැකි බව වාර්තා වෙනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ […]