ශ්රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැතැයි ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. තානාපතිවරිය මේ බව කියා සිටියේ ඇමෙරිකානු එක්සත් ජනපදය සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් ”සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්ති වලින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර […]
කතරගම ප‍්‍රදේශයේ පාසල් 05 ක් හෙට සිට 17 වනදා දක්වා වසා තැබීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය යේ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක නිලධාරීන්ට සහ අනෙකුත් පිරිස් වලට නවාතැන් සැපයීම සඳහා එම පියවර ගත් බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ R.M.P රත්නායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. […]
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරහෙන්පිට පිහිටි පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් […]
ජනතා සිහින සැබෑ කිරීමට තමා සූදානම් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ නානාට්ටාන් ප‍්‍රදේශයේ ඉදිකළ ”කුරිංචි නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මේ අතර වහබ්වාදී අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධාන කළ අත් පත‍්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ […]
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි. ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ප‍්‍රධානත්වයෙන්. ඉදිරි ජනාධිපතකිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡා වල යම් ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් […]
ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයා රුපියල් 10,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අත්‍යවශ්‍ය සහ රහසිගත තොරතුරු සහිත කිසිදු ජාලයක් […]
කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ඊයේ(01) රාත්‍රියේ දුම්රියක ගැටී 14 හැවිරිදි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඊයේ(01) රාත්‍රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පැවසෙනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කිලිනොච්චිය හා පරන්තන් දුම්රිය ස්ථාන අතරමැද ප්‍රදේශයේදී 14 හැවිරිදි රාජෙශ්වරන් ලදූෂන් නමැති දරුවෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි. අනතුරට […]
පෞද්ගලික ඉදිකිරීම් ආයතන 3ක අධ්‍යක්ෂවරියක් වූ කිදෙර් මොහොමඩ් සහබ්දීන් අයිෂා නැමති කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැර වූ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සැක කටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ දැනුම් දීමක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්රාත් […]
බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මී වැඩුම, ගෝනාපීනුවල, තෙල්වත්ත, කළුපේ සහ හික්කඩුව නගරය යන ප්‍රදේශවල මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව පැවසෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පති ලෙස කටයුතු කළ පුජිත් ජයසුන්දරට අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ […]
කොළඹ අද පැවැති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ නිදහස් සාමකාමි රටක් වෙනුවෙන් සියලූ ජනතාව අතර භාෂා දැනුම ප‍්‍රවර්ධනය විය යුතු බවයි. සියලූ ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නැගීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුම බව එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවා. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ සතියක් […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී කණ්ඩායමක් ලෙස රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ගනිමින් කඩුලූ 06කට ලකුණු 338ක් රැස් කළා.එහිදී සිය මංගල එක්දින ශතකය රැස්කර […]