News Line| Off Air
Generic placeholder image

Aug
1

මරණ දඩුවමට එරෙහි වන්නේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට එරෙහි පිරිස් – ජනපති කියයි

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට විරුද්ධව පාරට බැස ඇති සියළු පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, බරපතළ අපරාධ සියල්ල පිටුපස තිබෙන්නේ මත්ද්‍රව්‍ය වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට තීරණය කළේ මතු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බවද ජනාධිපතිවරයා එහිදී […]


Aug
1

මොණරාගලට ජල කප්පාදුවක්

Generic placeholder image

මොණරාගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට දින 3 ක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ ඇල්බීසියාව වාෂ්ප විදුලි බලාගාරයෙන් කුඹුක්කන් ඔය ජලාශයට තෙල් හා ගී‍්‍රස් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්. ඒ අනුව ඊයේ පස්වරු 4 සිට ලබන 3 වනදා පස්වරු 4 දක්වා මොණරාගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට ජල […]


Aug
1

අලූ බඳුන ගැටුම ඇරඹේ

Generic placeholder image

ලොව පැරණිතම ටෙස්ට් තරගාවලිය ලෙස සැලකෙන අලූ බඳුන 71 වන තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එංගලන්තය හා ඔස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙන්නේ බර්මිංහැම්ප් හි එජ්බැස්ටන් ක‍්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ‍්‍රලියා නායක ටිම් පේන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. තරගයේ තීරක ලෙස කටයුතු කරන්නේ හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රංජන් මඩුගල්ල මහතායි. […]


Aug
1

ගතවූ මාස 07 තුළ අපරාධ නඩු 4390 කටයුතු අවසන්

Generic placeholder image

මෙම වසරේ ගතවුණු මාස 7 තුළ අපරාධ නඩු 4390 ක කටයුතු නීතිපතිවරයා විසින් අවසන් කර තිබෙනවා. ඉන් නඩු 2901 කට අධිචෝදනා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න කියා සිටියා. එමෙන්ම නඩු 1247 ක් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානවලට නීතිපතිවරයා විසින් ලිඛිත උපදෙස් දී ඇති අතර මෙම සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් […]


Aug
1

දළදා පෙරහරේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 7000 ක්

Generic placeholder image

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් 7000 කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහනුවර පොලිස් ස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළා. මේ අතර, ඇසළ මහා පෙරහර නිමිත්තෙන් 5 වනදා සිට ලබන 15 වනදා දක්වා ප්‍රදේශයේ සුරාසැල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් […]


Aug
1

ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසැලෙන නරඹන්නාගේ උපන්දිනය සමරයි

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරයෙන් දිරිමත් කරමින් ජය පරාජය දෙකේදීම සිය සහයෝගය ලබා දෙන ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අතර පර්සි අබේසේකරට හිමිවන්නේ සුශේෂී ස්ථානයකි. ඒ අනුව ඔහු ඊයේ සිය 83 වන උපන්දිනය සමරුවා. ඊයේ පැවැත්වුණු බංගලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගෙන් අනතුරුව ක්‍රීඩාංගනයෙදී සිය උපන්දිනය සමරනු ලැබුවා.


Aug
1

විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැදවයි

Generic placeholder image

පුරප්පාඩු සහිත ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා වු අයඳුම්පත් අගෝස්තු මස 21 වනදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. සුදුසුකම්ලත් ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ නිළධාරීන්ට ඒ සඳහා යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා සදහන් කළා. ශ්‍රි ලංකා විදුහල්පති […]


Aug
1

දුම්වැටි මිල ඉහළ යන ලකුණු?

Generic placeholder image

සාමාජය තුල පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වුණු මතයක් වූ දුම්වැටි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පවතින කට කතා මේ වන විට සතයක් බවට පත් වෙමින් තිබෙන බව විශ්වාසවන්ත ආරංච් මාර්ග පවසනවා. මන්ද මේ වන විට රජය මගින්ද මෙම දුම්වැටි මිල ඉහල යෑම පිළිබද කතා බහට ලක්වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ වන විට වෙළෙදපොල […]


Aug
1

ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද අළුබදුන ටෙස්ට් තරගයෙන් ආරම්භ වෙයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද(01) ආරම්භ වෙනවා. මෙම තරගය එංගලන්තයේ බර්මින්හෑම් හිදී පැවැත්විමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලෙස ද මෙම තරඟය සැලකෙ අතර පසුගිය ලෝක කුසලාන තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට්, ඩේවිඩ් වෝනර් […]


Aug
1

කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Generic placeholder image

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඉරිදා සහ පොහොය දිනවල පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් පාර්ශ්වයක් ලෙසට පෙත්සමක් ගොනු කල බව වාර්තා වෙනවා. ඒ අනුව දහම් අධ්‍යාපනයට බාධා වන ආකාරයට පුද්ගලික උපකාරක පන්ති […]


Aug
1

බදියුදීන්ට එරෙහිවීම සමස්ත පාර්ලිමේන්තුවේ වගකීමක් – ඕමල්පේ සෝභිත හිමි

Generic placeholder image

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් මහතාට නැවත වරක් අමාත්‍යධූරයක් ලබාදීම මහජන මතය නොසලකා හැරීමක් බවයි. රිෂාඩ් බදියුදීන් මහතාට ඇති චෝදනා ඉදිරියේ ඔහු අත්අඩංගුවට නොගැනීම මඟින් පොලීසිය පක්ෂග්‍රාහීව ක්‍රියාකරනවාය යන චෝදනාව මහජනයා වෙතින් ඉදිරිපත් වී ඇති බවත් විපක්ෂය විසින් මේ සඳහා විශ්වාසභංගයක් ගෙන […]


Aug
1

පූජිත් සහ හේමසිරි කොළඹ මහාධිකරණයට අදත් පැමිණෙයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වසන් කිරිමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය […]


News Articles
Latest Videos
Most Popular Post